ත්‍රිරෝද රථ, පාසල් වෑන් සහ කාර්යාල ප්‍රවාහන සේවා නියාමනය කිරීම සඳහා වන නව නීති රීති කඩිනමින් ගැසට් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ජාතික ගමනාගමන කොමිෂන් සභාවට මේ සඳහා අවශ්‍ය බලතල ලබාදීම වෙනුවෙන් වන පනත් සංශෝධනයක් දැනටමත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා සඳහා නිශ්චිත පිරිවිතරයන් හඳුන්වා දීමට නියමිතය.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදුකරන ප්‍රධාන වෙනසක් ලෙස අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට රජය තීරණය කර ඇත. මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහනය සඳහා අවසර හිමිවන්නේ ‘සාමාන්‍ය’ සහ ‘සුඛෝපභෝගී’ යන කාණ්ඩ දෙක යටතේ පමණක් වන අතර, බස් රථ ආනයනය ද ස්ටෑන්ඩඩ්, ඩිලක්ස් සහ ලක්ෂරි යන කාණ්ඩ තුනට පමණක් සීමා වේ. මේ හරහා බස් ගාස්තු ක්‍රමවේදය ද කාණ්ඩ දෙකකට පමණක් සීමා වනු ඇත.
මීට අමතරව, දැනට පවතින මාර්ග බලපත්‍ර (Route Permits) සම්බන්ධ ගැටලු විසඳීම සඳහා බලපත්‍ර අයිතිය නිත්‍යානුකූලව මාරු කිරීමට ද අවස්ථාව ලබා දෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. දැනට බොහෝ මාර්ග බලපත්‍ර මුල් හිමිකරු සතුව නොමැති වීම නිසා ගුණාත්මක ප්‍රවාහන සේවාවක් පවත්වාගෙන යාමට ඇති බාධාවන් මගහරවා ගැනීම මෙහි අරමුණයි.














