දකුණු කොරියාවේ අතිශය ජනප්‍රිය කේ-පොප් (K-Pop) සංගීත කණ්ඩායමක් වන “Seet-ch” කණ්ඩායම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පවත්වනු ලබන කොරියානු පොප් සංගීත ප්‍රසංගය සඳහා අද (04) පස්වරුවේ මෙරටට පැමිණියහ. සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම දකුණු කොරියාවේ ඉන්චියොන් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.-471 දරන ගුවන් යානයෙන් පස්වරු 04:50ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූහ. පැමිණි පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විශේෂ කටයුතු සූදානම් කර තිබුණි.
මෙම සංගීත කණ්ඩායම එළඹෙන පෙබරවාරි 07 වැනිදා කොළඹ ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පැවැත්වීමට නියමිත කොරියානු සංස්කෘතික ප්‍රදර්ශනය සහ සැණකෙළිය (Korean Cultural Fair and Festival) වර්ණවත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව තුළ කේ-පොප් සංස්කෘතියට ඇති දැඩි ලැදියාව හේතුවෙන් මෙම ප්‍රසංගය මෙරට සංගීත ලෝලීන් අතර ඉහළ උනන්දුවක් ඇති කර තිබේ. මෙම සංචාරය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද මනා පිටුවහලක් වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.














