දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී අද (10) අලුයම සිදු වූ දරුණු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබේ. යතුරුපැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සීගිරිය පොලිසිය වාර්තා කරයි.
මෙසේ මියගොස් ඇත්තේ දිගම්පතහා ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන ගිම්හාන ජයතිලක සහ තවිඳු චේතිය රත්නායක යන තරුණයන් දෙදෙනාය. ඔවුන් දඹුල්ල සහ තනමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදිය, තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයේ ගැටී ඇති බව පොලිසිය සැක කරයි.
අනතුරින් වෑන් රථයේ රියදුරු ද තුවාල ලබා ඇති අතර, සීගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














