• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන ඇතැම් වෘත්තීය සමිතිවල ක්‍රියාකලාප ඛේදනීයයි

14 March 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැටුප් විෂමතාව ඉවත්කරන ලෙස සහ ගුරුවරුන්ට සිදුකරන බලපෑම නතර කරන ලෙස ඉල්ලමින් වැඩවර්ජනයක් සිදුකිරීමට ඇතැම් වෘත්තීය සමිති ගනු ලැබූ උත්සාහය තුළ ඇති අවස්ථාවාදී අරමුණු රටේ ජනතාව සහ අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු දෙනා හොඳින් අවබෝධ කරගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් කර තිබේ ” ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවක් ඇති බවට 1997 වසරේ ඉදිරිපත් කළ බී.සී. පෙරේරා වැටුප් කොමිසම ඉදිරිපත් කළ නිර්දේශ වසර 22 ක කාලයක් ගතවීත් ක්‍රියාත්මක නොවීම මතුකරමින් මොවුන් මෙම වැඩවර්ජනය සිදුකිරීමට ගුරුවරුන්ගේ සහය ලබාගෙන තිබේ. නමුත් 2015 බලයට පත් රජය රාජ්‍ය සේවක මූලික වැටුප රු. 10,000 කින් ඉහළ නැංවීමට කටයුතු කරන ලද අතර අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන මත සියලු රජයේ සේවකයින්ගේ වැටුප් පරිමාණ සංශෝධනය කෙරුණු අතර, ගුරු සේවයේ වැටුප් ද ඒ අනුව සංශෝධනය කරනු ලැබූ අතර උදාහරණයකට උපාධිධාරී ගුරුවරයකුගේ වැටුප රු. 16,120 සිට රු. 33,330 දක්වා ඉහළ නංවන ලදී.

මීට අමතරව විදුහල්පතිවරුන්ගේ වැටුප ද මීට සමාන්තර ලෙස ඉහළ නංවන ලදී. එමෙන්ම විදුහල්පතිවරුන්ගේ රු.750 ක දීමනාව රු. 6,000 දක්වා ඉහල නැංවීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගන්නා ලදී.

කාලාන්තරයක් පුරා නොවිසඳී පැවති ගැටළු එකිනෙක හඳුනාගනිමින් ඒවාට ස්ථිරසාර විසඳුම් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන විට ඇතැම් වෘත්තීය සමිති සිදුකරන්නේ ඒවා තම වෘත්තීය සමිතියේ ජයග්‍රහණයක් ලෙස හුවා දක්වමින් තම තමන්ගේ වෘත්තීය සමිතිවල සාමාජිකත්වය ප්‍රවර්ධනය කිරීම පමණක් බව බොහෝ අවස්ථාවල නිරීක්ෂණය කළ හැක.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ දී එක් එක් සේවයට අදාළ වැටුප් තලවල පිහිටුවීම සිදුකරන අතර යම් සේවයක වැටුප් වැඩිකිරීමක් සිදුකළ හොත් ඊට සමාන්තරව සෙසු සේවාවන්හි වැටුප් තල ද සංශෝධනය කිරීමට සිදුවන බැවින් එය සංකීර්ණ ක්‍රියාවලියක් බවට පත් ව තිබේ. නමුත් රටේ ජාතික මෙහෙවරට විශාල දායකත්වය ලබාදෙන අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සේවයේ නිරත ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන්ගේ වැටුප් පරිමාණයන්හි ඇති විෂමතාවන්ට අදාළ ගැටළු වහාම විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද යෝජනාවලිය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිසන් සභාව වෙත යොමුකර තිබේ. ඉදිරියේ දී ඊට අදාල නිර්දේශ ලැබීමෙන් අනතුරුව අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව ගුරු – විදුහල්පති සේවාව තුළ ඇති අනෙකුත් වැටුප් විෂමතාවන්ට ද සාධාරණ විසඳුම් ඒ අනුව මෙරට සියලු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට හිමිවනු ඇති.

එසේ තිබිය දී, ඇතැම් වෘත්තීය සංගම් විසින් ජනතාව නොමග යවමින් ගෙන යන වැඩවර්ජන සහ උද්ඝෝෂණ පිටුපස ඇත්තේ පටු දේශපාලන අරමුණු සහ රජය සහ ජනතාව අතර විරසකභාවයක් ඇතිකිරීමේ නිරර්ථක උත්සාහයන් පමණී.

මෙම වැඩවර්ජනය පසුපස ඇත්තේ පටු අවස්ථාවාදී අරමුණු මුදුන් පමුණුවාගැනීමේ උත්සාහයක් බවට වන චෝදනා කිහිපයක් ද අදාළ වැඩවර්ජනය සඳහා නායකත්වය ලබාදෙන වෘත්තීය සමිති නායකයන්ට එල්ල වේ.

ඒ අතර අධ්‍යාපන සමූපකාර ණය දෙන සමිතිය හෙවත් ගුරු ගෙදර නිලධාරී ලෙස ගුරුවරුන්ගේ ඡන්දයෙන් පත් වී මුල්‍ය අක්‍රමිකතා සිදු කළ බවට චෝදනා එල්ල වූ වෘත්තීය සමිති නායකයකු සහ කණ්ඩායමක් එළඹෙන නිලවරණයේ දී ද ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනාගැනීමේ අරමුණින් අවස්ථාවාදී වැඩවර්ජනයක් සිදුකරන බවට අධ්‍යාපන පද්ධතිය තුළින් ම චෝදනා එල්ල වී තිබේ.

එසේම වැඩවර්ජන සඳහා නායකත්වය ලබාදෙන තවත් වෘත්තීය සමිතියක හිමිනමකට ගුරු මාරු සිදුකිරීමට අදාළව අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇත. මේ වන විට ඒ සම්බන්ධ විමර්ශනයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර එම කරුණු වසන් කරමින් තම කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීමට දරන තවත් එක් උත්සාහයක් ලෙස මෙම වර්ජනය මෙහෙයවන බවට පද්ධතියේ සිටින ගුරුවරුන් ම චෝදනා කරයි.

මේ අයුරින් තම තමන්ගේ අවස්ථාවාදී දේශපාලන හා පුද්ගලික අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් ජනප්‍රිය සටන් පාඨ පෙරටු කරගනිමින් මෙම කණ්ඩායම් ක්‍රියාකරමින් සිටින බව පැහැදිලිය.

නිදහස් අධ්‍යාපනයේ අයිතිය වටිනාකම පිළිබද උදම් අනන මෙම කණ්ඩායම් අද දින පාසල් නොපැමිණෙන ලෙස ගුරුවරුන්ට තර්ජනය කළ අවස්ථා රැසක් ද වාර්තා වී ඇත. එමෙන්ම දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදීමේ සිදුවීම් රැසක් ද වාර්තා වේ. මේ තුළ තිබෙන්නේ වෘත්තීය අයිතීන් දිනාගැනීමේ අරගලයක් නොව වෘත්තීය අයිතීන්වලට මුවා වී පාසල් තුළ සිය ප්‍රචණ්ඩකාරී අණසක මුදාහැරීමේ උත්සාහක් පමණක් බව පැහැදිලි ය.

අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පවසන මෙම අවස්ථාවාදී පිරිස් විසින් අද දින සිදු කළ වර්ජනය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතුවලට බාධා මතු වූ අතර එක් දරුවකුගේ දිනක අධ්‍යයන පැය ගණන හයක් ලෙස ගත් විට අධ්‍යාපන ලබන දරුවන් ලක්ෂ 43 කගේ අධ්‍යයන පැය දෙකෝටි පනස් අට ලක්ෂයක් (25,800,000) දරුවන්ට අහිමි කිරීමට මෙම කණ්ඩායම උත්සාහ දරා තිබීම කණගාටුදායකය.

එබැවින් තම පටු අවස්ථාවාදී උවමනාවන් සඳහා පාසල් දරුවන් හෝ ගුරුවරුන් දඩමීමා කරගනිමින් සිදුකරන මෙවැනි ක්‍රියාකාරකම් අධ්‍යාපන පද්ධතියට සම්බන්ධ සියලු බුද්ධිමත් ජනතාව නිවැරදිව අවබෝධ කරගත යුතු ය.

 

 

Post Views: 1
Previous Post

යෝජනා වෙනස් කරන්න එපා – සභානායක කියයි

Next Post

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට යයි

editor

editor

Next Post

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved