ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රටේ පාසල් දරුවන්ගෙන් 54%ක් බංකොලොත්භාවයෙන් අධ්‍යාපනයට බලපෑමක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (15) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 98 වැනි අදියර යටතේ රත්නපුර පැල්මඩුල්ල බඹරබොටුව විජයබා මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි
පාසල් යන දූ දරුවන්ගෙන් 3%ක් පාසල් යන එක නතර කර ඇති බවත් තවත් විශාල ප්‍රමාණයකට පාසල් උපකරණ ලබා ගත නොහැකිව දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
41 ලක්ෂයක් දුදරුවන්ගේ සුබ සාධනය බලා ගන්න බැරි නම් අධ්‍යාපන අමාත්‍යාංශයක් ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්ය විය යුත්තේ දරු පරපුර හා මව් පරපුර ආරක්ෂා කර පුරවැසියන් ආරක්ෂා කර ගැනීම වුවත් වත්මන් රජය එය සිදු නොකරන බව හෙතෙම කියා සිටියේය.
රජයේ වගකීම වන්නේ අවදානමට ලක් වූ සියලු ජන කොට්ඨාස ආවරණය වන සේ සමාජ ආරක්ෂණ දැලක් සකස් කර ඔවුන්ව රැක බලා ගත යුතු වුවත් වත්මන් රජය තුළ එවැන්නක් සිදු නොවන බවත් මේ රටට අවශ්‍ය ජනතාව ගැන සංවේදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.