සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලය පැයකින් දීර්ඝ කිරීමට දළදා මාලිගාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව දහවල් 12 ට ආරම්භ වූ දළදා වන්දනාව, පෙරවරු 11සිට ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත් දන්ත ධාතු ප්‍රදර්ශනයේ තෙවන දිනය වූ ඊයේ (අප්‍රේල් 20) වන විට ලක්ෂ 4කට ආසන්න බැතිමතුන් පිරිසක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිවිස ඇතැයි අස්ගිරි මහා විහාරයීය නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය 18 වැනිදා විවෘත කළ සිරි දළදා වන්දනාව වැඩසටහනේ සිව්වන දිනය අද (අප්‍රේල් 21) දින ක්‍රියාත්මක වෙයි.