ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී ප්‍රධානතම බාධකයක්ව පැවැති “ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනත” පසුගිය සතියේ ඉවත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දැන් බියෙන් සැකෙන් තොරව දේශීය හා විදේශීය ආයෝජකයින්ට මෙරට තුළ ආයෝජන කටයුතු ආරම්භ කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.
මෙම පනත යටතේ පුද්ගලික ආයෝජකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීමේ හැකියාව තිබූ බවත් ඒ නිසා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කිරීම පිළිබඳව බියක් ආයෝජකයන් තුළ පැවැති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, ඒ හේතුවෙන් ආර්ථික සංවර්ධන පරමාර්ථ ඉටු නොවූ බව අවධාරණය කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පසුගිය (22) වැනිදා පෙරවරුවේ මොණරාගල ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහන්වලින් අනතුරුව පැවැති උත්සවයේදීය.
එහිදී අග්‍රාමාතවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කළ සිටියේය “ දේශීය විදේශීය බේදයකින් තොරව ශ්‍රී ලංකාවේ මෙම පවරා ගැනීම් සිදුව ඇති බව ඔවුන් මට පෙන්වා දුන්නා. රට දියුණු කිරීමට නම් ආයෝජකයින් ගෙන්වා ගත යුතුයි. එය ඉදිරි වසර 03 තුළ සිදු කළ යුතුයි. එමනිසා ඒ පැවැති බාධකය අපි පසුගිය සතියේ ඉවත් කර ගත්තා. ඌණ ක්‍රියාකාරී ව්‍යවසායකයන් පුනරුදය කිරීමේ පනතෙ අපි පසුගිය සතියේ ඉවත් කළා. ඒ හරහා දේශීය හා විදේශීය ආයෝජකයින් සතු බිය පහ කරමින් ඉදිරියට යෑමට අපට හැකියාව තිබෙනවා. ව්‍යාපාර අත්පත් කිරීම බෝම්බ ප්‍රහාරවලට වඩා භයානකයි. ඇත්ත වශයෙන්ම එම පනතට යටත් කර ගත් ව්‍යාපාර නැවතත් ලබා දීමට අවශ්‍ය නම් පනත ඉවත් කිරීමට අවශ්‍ය නැහැ. කොළඹඩී.ආර්. විජයවර්ධන මාවතේ සිංගප්පූරු සම්මන්ත්‍රණ ශාලාව ඔවුන් අත්පත් කර ගනිමින් පසුව නැවත ගැසට් නිවේදනය ඉවත් කරමින් ආපසු ලබා දුන්නා. රහසේ ගැසට් ඉවත් කරන්න ඔවුන්ට පුළුවන් වුණා. නමුත් ඒ හරහා අපේ ආර්ථික සංවර්ධන අරමුණ ඉෂ්ට වන්නේ නැහැ.
රජයට අත්පත් කර ගත් එවැනි සියලූ ආයතනය දැන් භාණ්ඩාගාරය යටතේ ක්‍රියාත්මක වෙනවා. රට වෙනුවෙන් ගන්නා තීරණ අපට හොර රහසේ සිදු කිරීමට නොහැකියි ඒ සියලූ තීන්දු තීරණ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් කිරීමට අපට සිදු වෙනවා. එම නිසා අප එම පනත ඉවත් කරගත්තේ රටේ තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා බිහිකරන ආයෝජන අපේ රටට ගෙන ඒමටයි. ඒ හරහා නව රැකියා ලක්‍ෂ 3ක් 4ක් ඇතිවන බව මම මෙහිදී ප්‍රකාශ කරනවා.
අපි කුඩාඔය ගුවන්තොටුපළ ඉදිකරන කාලයේ එවැනි ගැටළුවක් තිබුණේ නැහැ. ආයෝජකයින් මෙහි පැමිණීමට කැමැතිවුණා. නමුත් මෙම පනත ගෙන ඒමෙන් පසුව යුද්ධය අවසන් වුණත් ආයෝජකයින් මෙරටට පැමිණියේ නැහැ. ආණ්ඩුව වෙනස් වුණත් ඔවුන් පැමිණියේ නැහැ. ඔවුන් පැවසුවේ පළමුවෙන්ම මෙම පනත ඉවත් කරන ලෙසයි. රටේ වෙළඳ කලාප 50 ක් ඇති කිරීමට නම් ආයෝජන විශාල ලෙස ලබා ගත යුතුයි.
වෙළඳ කලාප 50 ක් ඉදි කිරීමට බැහැ යයි පවසන අයට මම පිළිතුරක් දීමට කැමැතියි. අවුරුදු 30 ක මහවැලිය අවුරුදු 10 කින් නිම කළා නම් ආයෝජන කලාප 50 ක් වසර 5කින් 10 කින් ඉදි කිරීම අපහසු කාර්යයක් නොවන බව මගේ පිළිතුරයි.
එදා නැව් නැති හම්බන්තොට වරායට අද නැව් පැමිණෙනවා. මත්තල ගුවන්තොටුපළ ලංකා, ඉන්දියා ගුවන් අධිකාරී මණ්ඩල එකතුවෙන් සංවර්ධනය කරනවා. එහි ශ්‍රී ලංකාවේ අයිතිය 51% ක් වන අතර ඉන්දියාවට 49% ක අයිතියක් හිමිව තිබෙනවා. ඒ ආකාරයට අපි මත්තල ගුවන්තොටුපොළ දියුණු කරනවා.
මේ ආකාරයට රට තුලට පැමිණෙන ආයෝජකයින් රට තුළම නවත්වා ගැනීමට කටයුතු කළ යුතුයි. හම්බන්තොට, තංගල්ල, ගාල්ල ආදී විවිධ ප්‍රදේශවලට ආයෝජකයින් පැමිණෙනවා. මෙම සංවර්ධනය රටේ සෑම ප්‍රදේශයකටම ලබා දිය යුතුයි.
ගාල්ල, වැල්ලවාය, මොණරාගල ප්‍රදේශවල සංචාරක හෝටල් ඉදිකිරීමට නම් ආයෝජකයින් අවශ්‍යයි. අපි පැරණි ක්‍රමයටම ඉදිරියට ගියා නම් සංචාරක කර්මාන්තයේ වාසිය ලැබෙන්නේ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වලට පමණයි. එම නිසා මගේ අරමුණ රටේ සියලූම ප්‍රදේශ වලට එම දියුණුව ලබා දීමයි. මේ වනවිට කර්මාන්ත කලාප සඳහා අක්කර 7000 ක් පමණ මේ ප්‍රදේශවල හඳුනා ගෙන තිබෙනවා. විශාල ආයෝජකයින් වෙනත් රටවල් වලින් ගෙන්වා ගත යුතුයි. එවිට රැකියා උත්පාදනය වෙනවා. සැමදාම සාමාන්‍ය කෘෂිකර්මය සමග ජීවත් විය නොහැකියි. වෙල්ලස්සට අලූත් විප්ලවයක් අවශ්‍යයි. අපි මෙම යෝධ සංවර්ධන වැඩ සටහන් ආරම්භ කළේ එම විප්ලවය ඇති කිරීමටයි. එහි ප්‍රතිඵලය වෙල්ලස්සේ ජනතාවට පමණක් නොවෙයි. මේ රටේ සමස්ත තරුණ රපුරටම ලැබෙනවා.
පරිගණක, තාක්‍ෂණික දැනුම පදනම් කරගත් කර්මාන්ත මේ ප්‍රදේශවලට පැමිණීමට නියමිතයි. එවිට එම කර්මාන්තශාලා සඳහා ශ්‍රමිකයින් පුහුණු කළ යුතුයි. අපිට දැනුම සහ මුදල් නොමැති වුවත් අනෙක් සංවර්ධිත රටවල් වලින් ආයෝජන ගෙන්වා ගෙන දියුණු විය යුතුයි.
මෙහි තිබෙන්නේ මොණරාගල අනාගතයයි. ඔබේ අනාගතයයි. එම වැඩකටයුතු සාර්ථක කර ගැනීම සඳහා අපි රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව ආරම්භ කරනවා. මොණරාගල, හම්බන්තොට, මාතර සහ ගාල්ල ඊට අයත් වෙනවා.
මහ කොළඹ ආර්ථික කොමිසම ඇති කරමින් ගම්පහ දියුණු කලාක් මෙන් මෙම සංස්ථාව ඇති කිරීම හරහා දකුණු පළාත සහ මොණරාගල දියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය නීති ගෙන ඒමටත් අපි බලාපොරොත්තු වෙනවා.
1978 දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කර්මාන්තශාලා ආණ්ඩුවේ පාලනයට යටත් කර තිබූ ඇතැම් නීති ඉවත් කළා. එවිට නව කර්මාන්ත කලාප 02ක් 03ක් ඇති කිරීමට අපට හැකි වුණා. අපට අවශ්‍ය වන්නේ එයයි.
මොණරාගල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමටත් වැව් පිරිසිදු කිරීමටත්, වැවිලි කර්මාන්තය නඟා සිටුවීමටත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමටත් අවශ්‍ය විශාල සංවර්ධන වැඩසටහනක් අපි ඉදිරි වසර 05 තුළ සිදු කරනවා. එවැනි විශාල සංවර්ධනය ඔබට අවශ්‍ය ද? නැද්ද? අපේ බලාපොරොත්තුව ඔබට එවැනි සංවර්ධනයක් ලබා දීමයි.
අපේ ආණ්ඩුව වැඩකරන ආණ්ඩුවක් යැයි මම පවසන්නේ එමනිසයි. රුහුණු ඉතිහාසයේ ඔබ මෙතෙක් නොදැකපු දියුණුවක් අපි ඔබට ලබා දෙනවා. එහි මූලික පියවර ලෙස සමාජ දියුණුව ඇති කිරීමත් යටිතල පහසුකම් දියුණුව ඇති කිරීමටත් අපි කටයුතු කරනවා. එහි ඊළඟ පියවර වන්නේ ආර්ථික සංවර්ධනයයි. එතැන් සිට යුද්ධයෙන් විනාෂ වූ මේ ප්‍රදේශය යළිත් ලෝක ප්‍රසිද්ධියක් ලබා ගනු ඇතැයි මට බලාපොරොත්තු වෙනවා. එම නිසා අපේ ආණ්ඩුවට මේ අවස්ථාවේ සම්පූර්ණ සහය ලබා දෙන ලෙස මට ඔබෙන් අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ආනන්ද කුමාරසිරි, ඌව පළාත් සභාවේ විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජයසිංහ බණ්ඩාර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන සම්පත් ජයසූරිය, ජයන්ත කන්නන්ගර, හරේන්ද්‍ර බණ්ඩා, මොණරාගල දිස්ත්‍රික් ලේකම් ඩී.එස්. පත්මකුලසූරිය යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීවී සිටියහ.