දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහනදායී කාරක ප්‍රාග්ධන ණය ලබාදීමේ වැඩපිළිවෙළක් රජය විසින් ආරම්භ කර තිබේ.
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුව මේ වන විටත් රාජ්‍ය බැංකු තුනක් ණය ලබාදීම ආරම්භ කර ඇති අතර, තවත් පෞද්ගලික බැංකු 13ක් ඒ සඳහා එක්වීමට කැමැත්ත පළ කර ඇත.
මෙම සහන ණය ක්‍රමය යටතේ 3%ක අවම පොලී අනුපාතයකට රුපියල් මිලියන 25ක් දක්වා ණය ලබාගත හැකි අතර, ඒ වෙනුවෙන් 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 10,000ක මුදලක් වෙන් කර තිබේ.
මීට අමතරව, ව්‍යවසාය නැවත බලගැන්වීමේ සාමාන්‍ය ණය පහසුකම යටතේ සියලුම බැංකු මඟින් 5%ක පොලියට රුපියල් මිලියන 25ක් දක්වා ණය ලබාගත හැකි බවත්, ඒ සඳහා රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් නිලධාරීහු පෙන්වා දෙති.
කෘෂිකාර්මික අංශය දිරිමත් කිරීම වෙනුවෙන් ලබන පෙබරවාරි මස දෙවන සතියේ සිට රුපියල් ලක්ෂ 50ක උපරිමයකට යටත්ව විශේෂ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට නියමිතය. මෙමඟින් දිට්වා කුණාටුවෙන් බිඳවැටුණු දේශීය ආර්ථිකය සහ ජීවනෝපාය මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම රජයේ මූලික අරමුණ වී ඇත.














