‘දිට්වා’ ආපදාව හේතුවෙන් සිය මව, පියා හෝ දෙදෙනාම අහිමි වූ දරුවන් 103 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. ඊයේ (06) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරිය මේ බව අනාවරණය කළාය. මත්ද්‍රව්‍ය නිසා අනාථ වූ මෙම දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඇය සඳහන් කළාය.
මෙම දරුවන් රැකබලා ගැනීමට බොහෝ පිරිසක් කැමැත්ත පළ කර ඇති අතර, නිසි නීතිමය ක්‍රමවේද සහ අධිකරණ නියෝගයන්ට යටත්ව ඔවුන් භාර දීමේ කටයුතු සිදු කිරීමට නියමිතය. මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් කනගාටුදායක කරුණු කිහිපයක් ද හෙළි විය. ඒ අනුව බදුල්ලේ අඩු වයසින් ගැබ් ගන්නා තරුණියන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, ඔවුන්ට රැකවරණය ලබා දීමට නිසි මධ්‍යස්ථානයක් නොමැති බවත් අනාවරණය විය. මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කය තුළ සයිබර් හිංසනය සහ දෙමාපියන් විසින් දරුවන්ට පහර දීමේ සිදුවීම් ද ඉහළ යමින් පවතින බව වාර්තා වේ. කෙසේ වෙතත්, දිවයිනේ වැඩිම ළමා අපරාධ සංඛ්‍යාවක් පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයෙන් වාර්තා වන බව ද අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.














