දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (08) සිට ලබන 11 වැනිදා දක්වා බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත්, අද දිනයේ ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මීට අමතරව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී (ප.ව 2.00 න් පසු) ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු මැද, වයඹ, මාතලේ, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30-40 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














