මෙරට ප්‍රදර්ශනය කෙරුණු දෙව්නි මෝරි සර්වඥ ධාතූන් වහන්සේලා නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියානු රජයේ විශේෂ නියෝජිත පිරිසක් අද (09) දිවයිනට පැමිණියහ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි මෙම පිරිසට පහත ප්‍රභූවරුන් ඇතුළත් විය:
- මංගුභායි පටෙල් මහතා – මධ්‍ය ප්‍රදේශ් ආණ්ඩුකාර.
- චෞනා මෙයින් මහතා – අරුණාචල් ප්‍රදේශ් නියෝජ්‍ය මහ ඇමති.
මෙම නියෝජිත පිරිස ගුවන්තොටුපොළේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය විසින් නිල වශයෙන් පිළිගනු ලැබූවාය. ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ මෙම ධාතූන් වහන්සේලා ඉකුත් 4 වැනිදා මෙරටට වැඩම කරවන ලද්දේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් වශයෙනි.














