වර්තමාන රජය විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ආගමික නායකයන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කරන බව කියන මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව දේශපාලනඥයන්ගේ මැදිහත්වීමකින් තොර “සංඝ සාමූහිකයක්” ගොඩනැගීමට තීරණය කර තිබේ.
නාරාහේන්පිට ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී ඊයේ (26) පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ජන්ම දින පුණ්‍යකර්මයට සහභාගී වූ ස්වාමීන් වහන්සේලා රැසක් මේ සඳහා සිය එකඟතාව පළ කර ඇත.
මෙම නව සංවිධානය ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් භික්ෂූන් වහන්සේලා දැනුවත් කිරීමටත්, රජයේ ඇතැම් තීරණවලට එරෙහිව විරෝධතා මාලාවක් දියත් කිරීමටත් සැලසුම් කර තිබේ.
කිසිදු දේශපාලන පක්ෂයක නියෝජිතයන් සම්බන්ධ කර නොගෙන ස්වාධීන බලවේගයක් ලෙස කටයුතු කිරීම මෙහි විශේෂත්වය වන අතර, මෙරට ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මෙහි නායකත්වය දැරීමට නියමිත බව වාර්තා වේ.














