• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි!

30 September 2024
in දේශීය, පුවත්
දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතුයි!
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් (28) කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල් අධීක්ෂණය කිරීමේදී හඳුනාගත් පොදු කරුණු ඇතුලත්ව ජාතික පාසල් ශාඛාව විසින් සිදු කරන දැනුවත් කිරීම් සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී විය. එහිදී අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කර සිටියේ දේශපාලනීයකරණය වී ඇති අධ්‍යාපන පද්ධතිය ඉන් මුදවා ගත යුතු බවයි. එතුමිය වැඩිදුරටත් ප්‍රකාශ කළ කරුණු මෙසේය.

‘‘පුනරුද යුගයක – පොහොසත් රටක් තුළ අපි සියලුදෙනාටම ලස්සන ජීවිත ලබා ගැනීමට, මෙම දැක්ම යථාර්තයක් බවට පත් කර ගැනීමට අධ්‍යාපනයේ ඇති වටිනාකම මෙම විදුහල්පතිවරුන් හොඳින් දන්නා දෙයක්. රජයක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් දැක්විය යුතු සියලු සහයෝගයන්, මගපෙන්වීම් ලබා දීමට අප සූදානම්. අධ්‍යාපනය යනුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැනුම පමණක් ලබා දීම නොවෙයි. ඉන් එහාට ගිය විශාල දැක්මක් අධ්‍යාපනය තුළ තිබෙනවා. රැකියාවක් කිරීමට පමණක් අධ්‍යාපනය ලබා නොදී ගුණගරුක සමාජයක් බිහි කිරීමට මෙන්ම මේ රට භාරගත හැකි, මේ රට වෙනස් කළ හැකි මේ රට හදන්න නායකත්වය දිය හැකි පුරවැසියන් බිහි විය යුතුයි කියන විශ්වාසය සමග අපි අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා.

පොහොසත් රටක් යනුවෙන් අපේ රජය හඳුන්වා දෙන්නේ ආර්ථික මට්ටමින් පොහොසත් වීම පමණක් නොවෙයි. සංස්කෘතික, සාරධර්ම, ආකල්ප සමග සෑම අතින්ම අපි පොහොසත් විය යුතුයි. එවැනි සමාජ තුළ අප සැමට ලස්සන ජීවිත ගත කරන් පුලුවන්. අපි පුනරුද යුගයක් යනුවෙන් අදහස් කරන්නේ අලුත් ආරම්භයක් මේ රටට අවශ්‍යයි කියන එක. සාමූහිකත්වය, සහකම්පනය සහ නූතන ලෝකය තුළ අභිමානවත්ව ඉදිරියට යා හැකි පුරවැසියන් අපි බිහිකළ යුතුයි. අපි යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉලක්ක කර ගන්නේ මෙම අභිලාෂයන් ලගා කර ගැනීමටයි.

මේ වන විට සමාජය තුළ අධ්‍යාපනය පිළිබඳව විශ්වාසයක් නැහැ. අධ්‍යාපනය පිළිබඳව විශ්වාසය ගොඩ නැගීම අතිශයින්ම වැදගත්. කළකිරීමකින් සිටින ස්වභාවයක් තමයි දකින්න තිබෙන්නේ. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්, දෙමාපියන්, සමාජය සෑහීමකට පත් වනවාද, මේ සියල්ල ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. විභාගයක් නියමිත පරිදි පවත්වාගෙන යා හැකිද? විභාග ප්‍රථිපල පිළිබඳ විශ්වාසයක් ඇති කර ගත හැකිද? අධ්‍යාන ක්ෂේත්‍රයේ පත්වීම් හා ස්ථාන මාරුවීම් පිළිබඳව විශ්වාසය තබා ගත හැකිද? දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සම්බන්ධව ඇති ක්‍රමවේදය සමාජයට විශ්වාසය තැබිය හැකිද? ක්‍රියාවලිය හා පද්ධතිය පිළිබඳව විශ්වාසයක් නැති වන අන්දමට දුර්වල කර තිබෙනවා. දේශපාලනීයකරණය වී තිබෙනවා.

මෙතනදී අධ්‍යාපන පද්ධතිය තුළ සේවය කරන ඔබ තුළ නොවේ එම වැරැද්ද තිබෙන්නේ. කාලයක් පුරා අධ්‍යාපනයට ලබා දී තිබෙන අඩු සැලකිල්ල, අධ්‍යාපනයේ වැදගත්කම, අධ්‍යාපනය රටක සංවර්ධනයේ මූලික තැනක් ගත යුතුයි කියන වගකීම තුළින් ක්‍රමානුකූලව රජය ඈත් වීම නිසා මෙම අර්බුදය නිර්මාණය වී තිබෙනවා. අධ්‍යාපනය දේශපාලනීයකරණය වී ඇති නිසා මෙම ක්ෂේත්‍රයේ සියලුම දෙනා පීඩාවට පත්ව ඇති බව අප දන්නවා. අපිට අවශ්‍යයි ඔබේ වෘත්තීමය ගෞරවය රැකෙන ආකාරයේ අධ්‍යාපන පද්ධතියක් ගොඩ නැගීමට. ඔබේ කාර්‍යභාරය ස්වාධීනව ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම අපේ අරමුණයි.

සෑම ආණ්ඩුවක්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කළා. එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම තුළින්ම අධ්‍යාපන පද්ධතිය විශාල ව්‍යාකූලත්වයකට පත් වෙලා තිබෙනවා. අධ්‍යාපන පද්ධතිය බිද වැටීමට තවත් කාරණයක් වන්නේ එක් තැනකින් නියාමනය නොවීමයි. අධ්‍යාපන අමාත්‍යාංශය එකක් කියනවා. අධ්‍යාපන කොමිෂම තව එකක් කියනවා. ඇතැම් විට ජනාධිපති කාර්යාලයෙන් තවත් දේවල් කියනවා. මොන ප්‍රතිපත්තියද ප්‍රමුඛ විය යුත්තේ, මොන ප්‍රතිපත්තියද ක්‍රියාත්මක කළ යුත්තේ යන අපහැදිලිතාවය පහුගිය වසර ගණනාව තුළම තිබුණා. අපිට අවශ්‍යයි එම අපහැදිලිතාවයෙන් තොර අපි සියලුදෙනාට එකග වෙන්න පුලුවන්, සාමූහිකව ක්‍රියාත්මක කළ හැකි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න.

අපේ දේශපාලන ව්‍යාපාරය සාකච්ඡාවලට විවෘතයි, ඔබේ අදහස් වලට විවෘතයි. අපිට අවශ්‍යයි මේ රටේ තිබෙන අර්බුද සදහා කඩිනම් විසඳුම් සොයන ගමන් හොඳම අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටයි. නැවත මේ රට අර්බුදයකට නොයා ලෝකය තුළ පිළිගත් රටක් බවට පත් කිරීමට හැකි වන අධ්‍යාපන ක්‍රමයක් අපි සකස් කිරීමට කටයුතු කළ යුතුයි.

අධ්‍යාපන ක්‍රමය තුළින් තමයි රටට අවශ්‍ය වටිනා පුරවැසියන් බිහි වෙන්නේ. රජයක් ලෙස අපි විශාල අවධානයක් අධ්‍යාපනය වෙත යොමු කරනවා. සංකල්පයක් පමණක් නොව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය අපේ රජයෙන් ලබා දෙනවා. ඒ සඳහා අපි බැදී සිටිනවා. අපේ ප්‍රතිපත්තියේම සඳහන් වී තිබෙන්නේ අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් 6% ක් වෙන් විය යුතුයි කියන පදනමයි. බිඳවැටුණු ආර්ථික අර්බුදය තුළ එකවර මෙය ක්‍රියාවට නැන්වීමට අපහසු වුවද ක්‍රමාණුකූලව අපි ඒ ඉලක්කය වෙත යනවා. අපේ අය වැය තුළ අධ්‍යාපනය සදහා විශේෂ අවධානයක් ලබා දෙනවා.

පවුලේ ආර්ථික මට්ටම දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලැබීමට බාධාවක් නොවිය යුතුයි. දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න තිබෙන මුදල එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා. නිදහස් අධ්‍යාපනය ඇති රටක මෙය කිසිසේත්ම පිළිගත හැකි දෙයක් නොවෙයි. නිදහස් අධ්‍යාපනය තිබුනද දෙමාපියන්ගේ ආදායමෙන් විශාල මුදලක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට සිදුවී තිබෙනවා. අපි නිදහස් අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වූ ප්‍රධානම දේ සිදු වන්නේ නැහැ.

එනම් තමන්ගේ ආදායම දරුවන්ගේ අධ්‍යාපනයට සාධකයක් නොවිය යුතුයි කියන දේ ගිලිහී ගිහින්. නිදහස් අධ්‍යාපනය තුළින් මේ රටේ දහස් ගණන් බුද්ධිමතුන් බිහි වූවා. බොහෝ පිරිසකට ලෝකයේ ඉහළම තැන් සඳහා යාමට හැකි වූවා. නමුත් නැවත වතාවත් මුදල්, ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගන්න සාධකයක් බවට පත් වී තිබෙනවා. එබැවින් අපි පාසල් අතර අසමානතා වෙනස් කළ යුතුයි. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වැය වන අධික මුදල් බරින් දෙමාපියන් නිදහස් කළ යුතුයි.

දරුවා අධ්‍යාපනය සඳහා පාසලට භාර දුන් පසු දෙමාපියන් මැදිහත්වීම අවම කල යුතුයි. ඔවුන් නිදහස් කළ යුතුයි. මෙම ඉලක්ක වෙත යාමට දායක වන අධ්‍යාපන පරිපාලනය, විදුහල්පතිවරුන්, ගුරුවරුන් වෙත ලැබිය යුතු පහසුකම් හා අවශ්‍ය පුහුණුව ලබා දීමට විශේෂ අවධානයක් ලබා දෙනවා. ලෝකයේ හොඳම අධ්‍යාපන ව්‍යුහය මෙහි හඳුන්වා දුන්නද එය ක්‍රියාත්මක විය යුත්තේ ඔබ හරහා. එය ඉටු කිරීමට නොහැකි බාධක ඉවත් කිරීම අපේ ප්‍රමුඛ අරමුණක්. මෙය සාමූහික ගමනක්. එක් පක්ෂයක්, එක් ආණ්ඩුවක් තනියම කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා මම ඔබ සැමගේම සහයෝගය අපේක්ෂා කරනවා.’’

[අද]

Post Views: 20
Previous Post

ළමා හා ගුරු දින සැමරුමට දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරන්න බෑ!

Next Post

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි!

Editor TTV News

Editor TTV News

Next Post
සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි!

සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

ඉන්දියාවේ හෙලිකොප්ටරයකුත් කඩා වැටිලා !

15 June 2025
අදත් වෙඩි තබා ගැනීමක්

අදත් වෙඩි තබා ගැනීමක්

15 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved