• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන අවලාද වලට මැකොස ප්‍රතිචාර දක්වයි

8 April 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

“අපේ පක්ෂපාතිත්වය  ජනතාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට පමණයි” යනුවෙන් සඳහන් කරමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

ඔහු එම සටහන තබා ඇත්තේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී මැතිවරණයක්  කැදවා  ඇති නිසා පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය නොකරන ලෙස මැතිවරණ කොමිසම විසින් කරනු ලැබූ ඉල්ලීම ජන පෙරමුණේ දේශපාලනඥයන් කිහිප දෙනෙකු විසින් විවේචනය කිරීමට ප්‍රතිචාර දක්වමින් ය.

ඒ සම්බන්ධව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් සිය මුහුණු පොතේ තබා ඇති සටහන පහත දැක්වේ.

සාමාන්‍යයෙන්  ,මැතිවරණ  කොමිෂන්  සභාව හෝ මා ,අප සම්බන්ධයෙන්  දේශපාලනඥයින්  විසින් කරන ප්‍රකාශ වලට  පිළිතුරු  දෙන්නේ නැහැ . එසේවුවත් Covid  19  ආපදාව හේතුවෙන්  පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී  ස්වකීය පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය  වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් / අපේක්ෂකයින්   වැළකී සිටිය යුතු බවට  මැකොස කළ ප්‍රකාශ   හා නිකුත්  කළ ලිපි  පිළිබදව   කරන ලද බරපතල විවේචනය  සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ l බව   බොහෝදෙනකු  අපෙන් ඉල්ලා  සිටීයි .  

මේ  ව්‍යවස්ථාපිත මැතිවරණ  කාලසීමවක් නිසා හා රට ආපදාවකට මුහුණ දී ඇති නිසා මෙවැනි විටක  පදනමක් රහිතව මැකොස විවේචනය කර තිබීම අයෝග්‍ය  බව,   ඔවුන් කියන නිසා පිළිතුරක් දීමට අවශ්‍ය  බව  මාත් හිතනවා . ඒත් එම ප්‍රකාශය මෙන් ඒ ටෝන් tone එකෙන්  උත්තර  දෙන්න මේ වෙලාවෙදි මැකොස සභාපති ලෙස මට බැහැ . 

මැකොස කිසිවිටක කියා නැහැ, ජනතාවට සහන සැලසීමට දේශපාලනඥයින්  සම්බන්ධ  නොවිය යුතු බව . අප කියා ඇත්තේ මේ ක්‍රියාමාර්ග  හරහා  දේශපාලනඥයින්  / අපෙක්ෂකයන් ,ස්වකීය පක්ෂය  හෝ අපේක්ෂකත්වය  ප්‍රවර්ධනය  නොකළ යුතු බවයි 

 එය ඡන්දවිමසීම්  කාලයකදී පමණක්  නොව ශිෂ්ට  රටකදී  සාමාන්‍ය  තත්වය  යටතේවුවද නොකළ යුතු බවයි අපේ මතය . යහපත් පුරවැසියන්  සියලු දෙනාම එයට එකඟ බව  අප දන්නවා 

අප  පෙර සඳහන්  ප්‍රකාශ   කළේ  සහන ලබාදීම හරහා දේශපාලනමය  ප්‍රවර්ධන  සිදුකරන අපට පැමිණිලි  ලැබීම නිසා . එම පැමිණිලි වලින් බොහොමයක් අසත්‍ය ලෙස බැහැර කරන්නට බැහැ . බොහෝ පැමිණිලි    එක්තරා පක්ෂයක දේශපාලනඥයින් හා සබැඳිවයි ලැබෙන්නේ ,. ඒ පැමිණිලි වැැඩි සංඛ්‍යාවක්  ,  එම පක්ෂයේම අපේක්ෂකයින්  වෙතින්  ලැබීම විශේෂිත  තත්වයක් . ඒ පැමිණිලි   ගැන  වෙනත් තැනක ලියන්න හිතනවා  .

මේ අපේ දැනුම්දිීම්  එක් පක්ෂයකට පමණක්  අදාළ නැහැ . සෑම පක්ෂයකටම ,කණ්ඩායමකට, හා අපේක්ෂකයකුට  අදාළ බව කියන්න ඕනෙ .

 තවත් දෙයක් තමයි රාජ්‍ය දේපළ හරහා ලබාගන්නා ආධාර , විශේෂයෙන්ම  පළාත්පාලන  ආයතනවල දේපළ පාලන බලය හිමි ප්‍රධානියාගේ අභිමතය පරිදි තමා කරන දෙයක් සේ පෙන්වමින්, ජනතාවට බෙදා හරිමින් අයුතු වාසියක්  ලබා ගැනීම . එය සම්පූර්ණයෙන්ම  වැරදියි .අනීතිකයි

ඒවගේම තනතුරේ  නිල බලය ,දේශපාලනමය  බලය භාවිතා කර ආධාර එකතු කර  බෙදා දෙමින් තමන්ගේ දේශපාලන  ප්‍රවර්ධනය  සදහා යොදා ගන්නා බවට පැමිණිලි  ලැබෙනවා , එයත් වැරදියි .

දේශපාලනඥයින්ට ,ජනතාවට ආධාර කරන්න ඕන නම් වඩාත්ම හොද ක්‍රමය  තමයි , ඒ ආධාර , රාජ්‍ය යන්ත්‍රණය හරහා  ලබා දෙන එක . අපේක්ෂකයින්   ආධාර දෙන ඡායාරූප , වීඩියෝ ප්‍රදර්ශනය  නොකරනව තමයි හොඳ .  

 ඉතා සුලු පිරිසක් , මේ ආධාර දීම හරහා ,මනාප ගැන හිතනවා ඇති , ශිෂ්ට  ,යහපත් දේශපාලනඥයින්  එහෙම කරන්නෙ නැහැ කියලයි අප හිතන්නෙ. .අප කියල තියෙන්නෙ පක්ෂය , අපේක්ෂකත්වය  ප්‍රවර්ධන  කරන්න එපා යනුවෙනුයි .,ඒක නිසා අපේ ඒ ප්‍රකාශවල  කිසි වරදක් නැතිබව   හොදින් අපේ ප්‍රකාශ  බලන  හා  ආධාර ලබාදීම හරහා වාසි ලබා ගැනීමට අපේක්ෂා  නොකරන සැමට පැහැදිලි වෙන බව අප හිතනවා .

ආධාර දීමට වඩා බරපතල දෙයක් තමයි ,රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට , දේශපාලනඥයින්  මැදිහත්වී බලපෑම් කිරීම . , අප්රේල් 06 දා අපට සිද්ධවුණා , මේ ලැයිස්තු  සැකසීම ගැන  නියෝග දීමට ග්‍රාමනිලධාරීන්  ස්වකීය  නිවසට කැඳවා රැස්වීමක් තැබීමට දේශපාලනඥයකු දැරූ තැතක් වැළැක්වීමට . 

මැකොස ඉල්ලා  ඇත්තේ මේ කාර්යය එනම් සහන අවශ්‍ය  තැනැත්තන්  තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම  නිර් දේශපාලනමය  කරන්න ඕන කියල තමයි .  එමෙන්ම සහනාධාර  දීම හරහා  පක්ෂ  අපෙුක්ෂක ප්‍රවර්ධන  නොකරන ලෙස  මැකොස කිසිම පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනයට හෝ,අගතියට  පත්කිරීමට ක්‍රියාකරන්නේ නැහැ .අප ඒ කිසිවකුට පක්ෂපාතිත්වයක් නැහැ .

 අපේ පක්ෂපාතිත්වය  ජනතාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට පමණයි  . 

Covid -19  පරදවමු ,  නිදහස් හා සාධාරණ  ඡන්දවිමසීමක් පැවැත්වීමට  යහපත් වාතාවරණයක්  උදා කරගනිමු .

ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය  ඡන්දවිමසීමයි

Post Views: 8
Previous Post

වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා සදහා රු.මි. 3057 ගෙවු බව ඇමැතිනි පවිත්‍රා කියයි

Next Post

2020 වසර සඳහා වු සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

editor

editor

Next Post

2020 වසර සඳහා වු සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

14 May 2025
ටීචර් අම්මාට ඇප

ටීචර් අම්මාට ඇප

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

නීති විරෝධී ධීවර කටයුතු සිදුකළ 38ක් නීතියේ රැහැනට

14 May 2025
ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

ලිට්‍රෝ ගෑස් යළිත් නැති වෙයි ද?

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved