27 April 2024
#දේශීය

වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා සදහා රු.මි. 3057 ගෙවු බව ඇමැතිනි පවිත්‍රා කියයි

වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා සදහා රුපියල් මිලියන3057 (තුන්දහස් පණස් හතක්) ඊයේ පස්වරුව වන විට (07)  ගෙවා ඇති බව සෞඛ්‍ය කාන්තා ළමා හා සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වනනිආරච්චි මහත්මිය පවසයි.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3057 (තුන්දහස් පණස් හතක) මුදලක් ඊයේ සවස 04.00 වන විට ගෙවා ඇති බව අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඒ අනුව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් 488243 කට වැඩිහිටි දීමනාව ලෙස රු.මිලියන 2441 (දෙදහස් හාරසී හතළිස් එකක්) ගෙවා ඇත.

මේ අතර වකුගඩු දීමනාව ලෙස සියළුම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි වකුගඩු රෝග වලින් පෙලෙන 32417 දෙනෙකු සදහා රු.මිලියන 162 (ඒකසිය හැට දෙකක්) ක මුදලක් ද විවිධ ආබාධිත වලින් පෙලෙන පුද්ගලයින් 90870 දෙනෙකු සදහා රු.මිලියන 454 ක (හාරසිය පණස් හතරක්) මුදලක් ඊයේ පස්වරු 4.00 වන විට ‌ගෙවා ඇති බවද ආබාධිත මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

මේ අනුව ප්‍රතිශතයක් ලෙස 83% කට වැඩි ප්‍රතිලාභීන්ට මෙම වැඩිහිටි, ආබාධිත වකුගඩු දීමනා ඊයේ සවස් වන විට ගෙවීමට හැකි වූ බව සෞඛ්‍ය කාන්තා ළමා හා සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වනනිආරච්චි මහත්මිය අවධාරණය කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *