• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරිම ව්‍යාපාරයක් වීමට ඉඩ නොදෙමු – පැෆ්රල් සංවිධානය

27 January 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සියල්ලද සක‍්‍රීය දේශපාලනයේ නොයෙදෙන බැවින් වාර්ෂිකව එම පක්ෂ වල ක‍්‍රියාකාරිත්වය අධ්‍යනය කර සක‍්‍රිය නොවන පක්ෂ ඉවත් කිරිම සදහා ක‍්‍රමවේදයක් සකසන ලෙස පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි.

එම කොමිෂන් සභාව වෙත ලිපියක් යොමු කරමින් පැෆ්රල් සංවිධානය සඳහන් කර සිටින්නේ ශ‍්‍රි ලංකාව තුළ දේශපාලන පක්ෂ 70ක් දැනටමත් ලියාපදිංචි වී ඇති අතර ඉන් මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ අඩකට මදක් වැඩි ප‍්‍රමාණයක් බවයි. එසේම මැතිවරණ සදහා ඉදිරිපත් වන පක්ෂ අතරින් බහුතරයක් පෞද්ගලික හෝ වෙනත් දේශපාලන අවශ්‍යතා මත තරග කරන බව පසුගිය ජනාධිපතිවරණයේ දී මැනැවින් තහවුරු වු බව එම සංවිධානය කියා සිටියේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් දේශපාලන පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිතා කරන බැවින් සහ අනවශ්‍ය ලෙස දේශපාලන පක්ෂ ලියාපදිංචි වීම ඉහළ යාම හරහා එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබැ අර්ථයට හානිවිය හැකි බැවින් හැකිතාක් පක්ෂ ලියාපදිංචිය අවම කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටියේය.

 

පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කළ සම්පුර්ණ ලිපිය පහත පරිදි වේ.

 

24.01.2020

ගරු සභාපතිතුමා,

මැතිවරණ කොමිෂන් සභාව,
සරණ පාර,
රාජගිරිය.

ගරු සභාපතිතුමනි.

දේශපාලන පක්ෂ (ලියාපදිංචි කිරිම) ව්‍යාපාරයක් වීමට ඉඩ නොදෙමු.

ශ‍්‍රි ලංකාව තුළ දේශපාලන පක්ෂ 70ක් දැනටමත් ලියාපදිංචි වී ඇති අතර ඉන් මැතිවරණ සඳහා ඉදිරිපත් වන්නේ අඩකට මදක් වැඩි ප‍්‍රමාණයකි. මැතිවරණ සදහා ඉදිරිපත් වන පක්ෂ අතරින් බහුතරයක් පෞද්ගලික හෝ වෙනත් දේශපාලන අවශ්‍යතා මත තරග කරන බව පසුගිය ජනාධිපතිවරණයේ දී මැනැවින් තහවුරු විය. එමෙන්ම මෙම පක්ෂ වලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මහජන පදනමක් නොමැති බවද, මැතිවරණ ඉතිහාසය දෙස බැලිමේදී පෙනී යයි.

මේ වන විට දේශපාලන පක්ෂයක් තමන් සතුව තීබීම විශාල ආයෝජනයක් ලෙසත් විවිධ ප‍්‍රතිලාභ ගෙන දෙන කප් රුකක් ලෙසත්, සමාජ කතිකාවතක් නිරිමාණය වී තිබේ. එමෙන්ම පසු ගිය කාලය තුළ දේශපාලන පක්ෂ විශාල මුදල් ප‍්‍රමාණයකට විකිණෙන බවට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ පවා නිකුත්විය.

කිසියම් මතවාදයක් හා ජන පදනමක් සහිත පිරිසකට තම දේශපාලන මතය නියෝජනය සදහා අවශ්‍ය සුදුසුකම් සපුරන්නේ නම් පක්ෂයක් ලෙස ලියාපදිංචියට ඉඩකඩ තිබිය යුතු වුවද ව්‍යාපාරික හෝ වෙනත් පෞද්ගලික අපේක්ෂා මත ඉදිරිපත් වන අයදුම් පත් අධෛර්්‍යමත් කළ යුතුය. එබැවින් ඔබතුමා ඇතුළු කොමිෂන් සභාව පක්ෂ ලියාපදිංචි කිරිමේදි පහත සදහන් කරුණු කෙරෙහිද අවධානය යොමු කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

1. වාර්ගික හා ආගමික වශයෙන් ඉදිරිපත් වන අයදුම්පත් හැකි තරම් අධෛර්්‍යමත් කරන්න.

2. ශ‍්‍රී ලංකාවේ දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 6 ක තීරණ ගන්නා මණ්ඩලවල එකදු කාන්තා නිලධාරියෙක් වත් නොමැති අතර 2009 අංක 58 දරණ සංශෝධන අනුව එක් කාන්තා නිලධාරියෙකු අනිවාර්යය කර ඇතත් අවම වශයෙන් 30 ප‍්‍රමාණයක්වත් කාන්තා නියෝජනය සදහා ලබා දීමට ඔවුන් දිරිමත් කරන්න.

3. දැනට ක‍්‍රියාත්මක පක්ෂ සමහරක් එක් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයින් කිහිප දෙනෙකු මත පදනම් වන බැවින් ඉදිරියේ ලියාපදිංචි වන පක්ෂ වල විධායක මණ්ඩල සදහා අවම වශයෙන් දස දෙනෙකු වත් සිටිය යුතු බවට නිර්ණායක ඇතුළත් කරන්න.

4. පක්ෂවල අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද බරපතල ගැටලූවක් සමාජය තුළ මතුව ඇති බැවින් අළුතින් ලියාපදිංචි කරන පක්ෂ වල හෝ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකෙන ආකාරයේ යාන්ත‍්‍රණයක් ඇති කිරිම සදහා ලියාපදිංචියේදීම ඒ සදහා සුදුසු ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය.

5.ලංකා දේශපාලනයේ තරුණයන් සදහා ඇති ඉඩකඩ අවම මට්ටමක බැවින් පක්ෂ නිළධාරි මණ්ඩල සදහා තරුණයන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ඇතුල් කිරිම සදහා ඔවුන් පෙළඹවිය යුතුයි. තරුණයින් සදහා දේශපාලන ක‍්‍රියාවලිය තුල ඉඩ ප‍්‍රස්ථා ලබා දීම තරුණ අසහන කමිටු වාර්ථාවේ නිර්දේශයක් බැවින්ද ඒ පිළිබදව ප‍්‍රමාණවත් අවධානයක් යොමුකළ යුතු යැයි යෝජනා කරමි.

6.ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් දේශපාලන පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අවභාවිතා කරන බැවින් සහ අනවශ්‍ය ලෙස දේශපාලන පක්ෂ ලියාපදිංචි වීම ඉහළ යාම හරහා එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබැ අර්ථයට හානිවිය හැකි බැවින් හැකිතාක් පක්ෂ ලියාපදිංචිය අවම කරන ලෙස ඉල්ලමි.

7.එමෙන්ම දැනට ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂ සියල්ලද සක‍්‍රීය දේශපාලනයේ නොයෙදෙන බැවින් වාර්ෂිකව එම පක්ෂ වල ක‍්‍රියාකාරිත්වය අධ්‍යනය කර සක‍්‍රිය නොවන පක්ෂ ඉවත් කිරිම සදහා ක‍්‍රමවේදයක් සකසන ලෙස කාරුණිකව ඉල්ලමි.

ඉහත කරුණු පිළිබදව ඔබතුමාගේත් ඔබ කොමිෂන් සභාවේත් අවධානය යොමු කරන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි.

ස්තූතියි,

මෙයට
විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

Post Views: 1
Previous Post

කොරොනා මැඩලන්න ජනාධිපති උපදෙසින් ජාතික ක්‍රියාකාරී කමිටුවක්

Next Post

මම රනිල් ළග අඩා වැටුණා – ෆීල්ඩ් මාර්ෂල් සරත් කියයි

editor

editor

Next Post

මම රනිල් ළග අඩා වැටුණා - ෆීල්ඩ් මාර්ෂල් සරත් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved