27 April 2024
#දේශීය

මම රනිල් ළග අඩා වැටුණා – ෆීල්ඩ් මාර්ෂල් සරත් කියයි

වැඩි ඡන්ද පදනමක් ඇති ගම්පහ දිස්ත්‍රික්කයට වැඩ කරන්න මුදල් යොදවා එම ජනතාවගේ ඡන්දය ලබා ගැනීමට කටයුතු කිරීමට වගබලා ගත යුතු බව තමා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ළග අඩා වැටී ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ දී පැවැති හමුවකදීය.

මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ බැදුම්කර වංචාව නිසා ද එක්සත් ජාතික පක්ෂයට පාඩුවක් සිදු වු බවයි. පසුගිය ආණ්ඩුව බැදුම්කරයෙන් හොරකම් කලා යැයි පැවසුවාදය යහපාලනය ආණ්ඩුව ද එයින් හොරකම් කළ බව පිළිගැනීමට සිදුවන බව හෙතෙම කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යාමටනම් හොරු නැතිව, බොරු නැතිව ඉදිරියට යාමට කටයුතු කල යුතු බව ෆොන්සේකා මහතා අවධාරණය කලේය.

හොරු සමඟ පක්ෂයට ගමනක් නොමැති බවත් පක්ෂයේ සමහරු සිටියා රාජපක්ෂවරුන් සමඟ ඩිල් දාන ඒ අයගේ මඟුලක් අවමඟුලකට යන අය සිටින අතර ඔවුන්ට පක්ෂයේ අයගේ විශේෂ දින අමතක බව ද අනාවරණ කර සිටියේය.

රාජපක්ෂලා සමඟ ඩීල් දාන අයව මේ පක්ෂයෙන් ඉවත් කල යුතු බවත් නැතිනම් නායකවරයාත් අතුගැවිලා යන බව ද ෆොන්සේකා මහතා පවසා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *