දේශීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් වඩාත් කාර්යක්ෂම සහ සුරක්ෂිත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණින්, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙමින්, සිවිල් ගුවන් මෙහෙයුම් සඳහා දැනට පවතින බාධාකාරී ක්‍රියා පටිපාටි අධ්‍යයනය කර ඒවා කඩිනමින් විධිමත් කිරීමට තීරණය විය. සංචාරක කර්මාන්තයේ වර්ධනයට සෘජුවම දායක වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට නියමිතය. මෙම අවස්ථාවට ගුවන් හමුදාව, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ දේශීය ගුවන් සමාගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














