මේ ගෙවෙන්නේ නත්තල් කාලය. නත්තල එනකන් අපි හැමෝම වගේ හරිම ආසාවෙන් තමයි බලාගෙන ඉන්නේ
ලෝකය පුරාම බොහෝ දෙනෙක් මේ අසිරිමත් නත්තල සමරනවා.නත්තලත් එක්ක අපිට මතක් වෙන්න ප්‍රධානම දෙයක් තමයි නත්තල් සැරසිලි.
ඉතින් මේ විදිහට නතර වර්ණ ගන්වන්නට යොදා ගන්නා නත්තල් සැරසිලි බොහොම එකටම හරි ලස්සන ඉතිහාස කතා තියෙනවා.
අද අපි ඔයාලත් එක්ක බෙදා ගන්නේ මේ වගේ ලස්සන ඉතිහාස කතා කිහිපයක්.
අපි මුලින්ම කතා කරන්නේ නත්තල් ගස ගැන.නතල් කාලය ආරම්භ වීමත් එක්ක මුලින්ම කරළියට එන්නෙ නත්තල්ල් ගහ.එක එක විදිහට හදපු ලස්සන ලස්සන නත්තල් ගස් අපිට හුඟක් වෙලාවට දැක ගන්නට ලැබෙනවා.මේ නත්තල් ගසේ ඉතිහාසය දශය වැනි සියවස දක්වාම දිවෙනවා.මුල්මුල්වරට නත්තල් ගහ කියන සංකල්පය හඳුන්වල දීල තියෙන්නේ කලේ විසූ ජර්මාණු ජාතිකයන්.ඔවුන් ගොඩක් වෙලාවල්වලදී සයිපස්,ෆයින් හො ෆර් වගේ සදාහරිත ශාකයන් ගෙවල්වලට ගෙනල්ලා ඇපල් දොඩම් බදරිය ගෙඩි සහ ඉටිපන්දම් යොදා ගනිමින් ඒවා සරසලා තියෙනවා.කාලයත් එක්ක යුරෝපය දක්වාම මේ නත්තල් ගහ සැරසීමේ සම්ප්‍රදාය පැතිරිලා ගියා.ඒ කාලයේදී මහා බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ වික්ටෝරියා රැජනගේ ස්වාමිපුරුෂයා වන ඇල්බට් කුමරු වින්ඩ්සර් මාලිගයේ තිබුන නත්තල් ගහم මුතු, මැණික් වගේම ඉටිපහන රස කැවිලි පලතුරු සහ ඉඟුරුපාන යොදාගෙන සරසලා තියෙනවා.ඒ 1841 වර්ෂයේදී.ඉන් අනතුරුව ඉංග්‍රීසි ජාතිකයන් අතර නත්තල් ගස සැරසීමේ සම්ප්‍රදාය සීඝ්‍රයෙන් පැතිරිලා ගිහිල්ලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.චාල්ස් ඩිකන්ස් ඔහුගේ පොත් වල සඳහන් කරන ආකාරයට 19 වන සියවසේ මැද වෙනකොට බ්‍රිතාන්‍ය ජාතිකයන් නත්තල් ගස සැරසීම සඳහා සුරතල් බෝනික්කන්, කුඩා ගෘහභාණ්ඩ, විසිතුරු ආභරණ,රස කැවිලි සහ පලතුරු යොදාගෙන තියෙනවා.අමෙරිකාවට මුල්වරට නත්තල් ගහ හඳුන්වලා දුන්නේ 19 වෙනි සියවසේදි.ඒ පෙන්සෙල් වෙනියා ජනපදයට ආපු ජර්මාණු ජාතිකයන් පිරිසක් විසින්.ඔවුන් අත්තල් ගහ යොදාගෙන තියෙන්නේ පල්ලියේ ප්‍රදර්ශනයට තියලා පුණ්‍ය කටයුතු සඳහා ආධාර එක් රැස් කරන්න.කොහොම හරි දහනම වැනි සියවසේ අවසන් කාලය වෙනකොට අමෙරිකානු ජාතිකය අතරත් නත්තල් ගස සම්ප්‍රදාය ප්‍රචලිත වුණා.නත්තල් ගහ සලසන්න විදුලි පහන් යොදා ගැනීම මුල් බරට සිදුවුණේ 1982 වසරෙදි.එඩිසන් විදුලි පහන් සමාගමේ උපසභාපති ලෙස කටයුතු කරපු එච්.ජොන්සන් තමයි මුලින්ම නත්තල් ගහ සලසන්න විදුලි පහන් යොදාගෙන තියෙන්නේ.මේ කාලයේදීම සදා හරිත ගස් වෙනුවට කෘතිම නත්තල් ගස් භාවිතය ඇරඹුණා.එකට හේතුව තමයි වන විනාශය අවම කිරීම.මුලදී කෘතිම නත්තල් ගස් නිර්මාණය කරන්න හරිත පැහැයෙන් වර්ණ ගන්වපු පාත්ත පිහාට යොදාා ගත්තා.ඊට පස්සේ තමයි නත්තල් ගස් සකස් කිරීම සඳහා ප්ලාස්ටික් යොදා ගැනුණේ.මේ හේතුවත් එක්ක ආයෙත් පරිසර දූෂණය සම්බන්ධයෙන් ගැටලු මතු වුණා.ඒ හින්දා මේ වෙනකොට බොහොමයක් රටවල් නත්තල් ගස් සඳහා යොදා ගැනීමට සදාහරිත ශාක ගොවිපළවල් පවත්වාගෙන යාම සිදුකරනවා.ඉතින් එදා සිට අද දක්වාම නත්තල් ගහ කියන්නේ ලොකු කුඩා හැම කෙනෙකුගේම හිත් සතුටු කරවන දෙයක්.නත්තල් සමය ආරම්භ වෙනවාත් එක්කම හැමෝම වගේ බලාගෙන ඉන්නේ තමන්ගේ නිවසත් හරි ලස්සන නත්තල් ගහකින් සරසන්න.
නත්තල් කාලයේදී කතා වෙන තවත් දෙයක් තමයි පොයින්සෙටියා මල්.නත්තල් සැරසිලි සඳහා බොහෝවිට භාවිත කරන දෙයක් තමයි මේ පොයින්සෙටියා මල්.1836 දී තමයි මේ මල පොයිනසෙටියා විදිහට නම් කෙරුනේ.ඊට පෙර මේක හඳුන්වලා තියෙන්නේ මෙක්සිකානු ගිනි දැල් මල හෝ තීන්ත කොළ විදිහට.මේ ශාකය පඳුරු හෝ කුඩා ගසක් විදිහට වැවෙනවා.ආකර්ෂණීය දිලිසෙන රතු,තැඹිලි ,සුදුමැලි කොළ,කහ,ක්‍රීම් ,රෝස ,සුදු හෝ කිරිගරුඬ යන ප්‍රභේද සහිත වර්ණවත් අතු මේ ගහට හිමි වෙලා තියෙනවා.පොයින්ට්සෙටියාශාකයේ අප දකින වර්ණවත් කොටස් ඇත්ත වශයෙන්ම මල් නෙමෙයි.
ඒවා පත්‍රිකා විදිහට හඳුන්වන විශේෂිත කොළ වර්ගයක්.
නමුත් මෙහි සැබෑ මල් මැද ඇති කුඩා කහ පැහැති කොටස් වැනි කොටස් කිහිපයකුත් පවතිනවා.
පොයින්ට්සෙටියා මල් නත්තල් කාලයේදී ලොව පුරා වඩාත් ජනප්‍රියම සැරසිලි අංගයක්.
එහි තද රතු සහ කොළ පැහැය නත්තලේ සම්ප්‍රදායික වර්ණ නිරූපණය කරන නිසා එය නත්තල් තරුව විදිහටත් හඳුන්වනවා.
දොර සැරසිලි,මේස සැරසිලි,නත්තල් ගස සැරසීම අඩිය සඳහා මේ මල් නැතුවම බැරි දෙයක්.
සජීවී පැල වගේම කෘතිමව නිපදවනු ලැබූ පොයින්ට්සෙටියා මලුත් අපිට වෙළෙන්දපොලෙන් ලබා ගන්න පුළුවන්.
විවිධ වර්ණයන්ගෙන්,විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් පොයින්ට්සෙටියා මල් නත්තල සංකේතවත් කරන තවත් එක් සුවිශේෂී මල් වර්ගයක්.
ඊට පස්සේ අපි අද කතා කරන්නේ නත්තල් සැරසිලිවලට නැතුවම බැරි හෝලි කිනිති ගැන.
හෝලි කිනිති දීප්තිමත් හරිත පැහැයෙන් යුතු පත්‍ර සහ රතු පැහැ ගෙඩි සතිත ගස් වර්ගයකින් ලබා ගන්නවා.
මෙමඟින් සංකේතවත් කරන්නේ සාමය සහ සතුටයි.
ඒ නිසා බොහෝ අය තමන්ගේ ආරවුල් විසඳා ගැනීම හෝලි කිනිති යට ඉඳිමින් සිදු කරනවා.
හෝලි කිනිති හා බැඳුණු විශ්වාසයන් විශාල ප්‍රමාණයක් පවතිනවා.
හෝලි කිනිති මගින් මායාකාරියන් බිය ගන්වන බව සහ විදුලි කෙටීම්වලින් නිවෙස් ආරක්ෂා කර ගත හැකි බව පුරාණයේ දී මිනිසුන් විශ්වාස කළා.
තරුණ ගැහැනු ළමුන්ගේ ඇඳ වටා හෝලි කිනිති රැඳවීම මගින් ඔවුන්ව දුෂ්ඨ පිශාචයින්ගේ කරදරවලින් බේරා ගත හැකි බව බටහර එංගලන්තයේ පවතින විශ්වාසයක්.
එසේම බ්‍රිතාන්‍ය ජාතික ගොවියන් තම මී මැසි පෙට්ටි ආශ්‍රිතව හෝලි ගස් සිටවනවා.
ඔවුන් විශ්වාස කරන්නේ නත්තල් සමයේ පළමු දිනයේදී මී මැස්සන් නගන ගුමුගුමුව ජේසු බිලිඳාට උපහාර පිණිස සිදු කරන බවයි.
හෝලි කිනිත්තේ ඇති දැති සහිත පත්‍ර මගින් ජේසුතුමා හිස පැලඳූ කටු සහිත ඔටුන්න සංකේතවත් කරනවා.
ඒවගේම රතු පැහැ ගෙඩි මගින් ගැලවීමේ මාර්ගයක් සොයාගනු පිණිස එතුමා විසින් වැගිරූ රුධිරයද සංකේතවත් කෙරෙන බව පැවසෙනවා.
පත්‍රයක ඇති ගිනි සිළුවක හැඩය මගින් මිනිසුන් කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ දැවෙන ස්නේහය පෙන්නුම් කරනවා.
ඉතින් මේ හෝලි කිනිති කියන්නෙත් අපේ නත්තල් සැරසිලි ලස්සන කරන්න අවශ්‍යම දෙයක්.
දැන් අපි කතා කරන්නේ නත්තල් සීනු ගැන.
නත්තලේ ප්‍රීතිමත් පණිවිඩය සහ ජේසු බිළිඳාගේ පැමිණීම දැනුම් දෙන්නේ නත්තල් සීනු මඟින්.
අතීතයේ මිනිසුන් විශ්වාස කළේ සීනු හැඬවීම මගින් නපුරු ආත්මයන් පලවා හරිනවා කියලා.
ඒ නිසා අස්වනු සමය අවසන් වෙලා ශීත සෘතුව එළැඹෙනකොට අස්වැන්න ආරක්ෂා කර ගැනීමටත්, නපුරු බලවේගයන්ගෙන් ආරක්ෂා වීමටත් සීනු හැඬවීම ඔවුන් පුරුද්දක් විදිහට කළා.
කාලයත් එක්ක නත්තල් සාම්ප්‍රදායක් බවට පත්වූ මෙය පසුව යොදා ගත්තේ නපුරු ආත්මයන් පලවා හැරීම වෙනුවට සතුට පෙන්නුම් කිරීම සඳහායි.
නත්තල් දිනයේදී ජේසු බිලිඳාගේ උපත සනිටුහන් කිරීම සඳහාත් පල්ලියේ සීනුව නාද කිරීම පසුව ආරම්භ කෙරුනා.
‘සීනුවක් හැඬවෙන හැම වරෙකම සුරදූතයෙක්ට පියාපත් ලැබේ’ යන කියමනට පාදක වෙලා තියෙන්නේ මේ හේතුව කියලා තමයි පැවසෙන්නේ.
වර්තමානයේදී නත්තල් සමය තුළ සීනුවලට ලැබී ඇත්තේ වැදගත් ස්ථානයක්.
කිංකිණි හඬ නංවන මිහිරි සීනු නාදය මගින් නත්තල් සීයාගේ පිනි මුවන් රංචුව සංකේතවත් කරනවා.
නත්තල් ගස සරසන්න වගේම,නත්තල් සමයේදී සිදු කෙරෙන වෙනත් සැරසිලි සඳහාත් සීනු යොදා ගැනෙනවා.
නත්තල් කාලයේදී පොයින්ට්සෙටියා වගේම ඉතාම සුවිශේෂී තැනක් ගන්නා ශාකයක් ගැන තමයි අපි දැන් කතා කරන්නේ.
ඒ තමයි මිස්ටල්ටෝ.
මේක සාමාන්‍යයෙන් ලා කොළ පැහැති කොළ සහ කුඩා සුදු පැහැති ගෙඩි වලින් යුක්ත ශාකයක්.
ඈත කාලයේ සිට ම මිස්ටල්ටෝ සැලකුවේ විෂ නසා ජීවය ගෙන දිය හැකි ශාකයක් විදිහට.
ඒ නිසා මධ්‍යතන යුගය ඇරඹීමටත් පෙර සිටම නත්තල් සැරසිල්ලක් ලෙස මිස්ටල්ටෝ භාවිතා කිරීම ආරම්භ කරලා තියෙනවා.
පසු කලෙක නපුරු බලවේග නිවසට ඇතුළු වීම වැළැක්වීම සඳහා දොර ඉදිරියේ මිස්ටල්ටෝ අත්තක් එල්ලීම සාම්ප්‍රදායක් බවට පත් වුණා.
එය සදාකාලික ජීවය සහ සාරවත් බව සංකේතවත් කරනවා.
ඒ ශීත ඍතුවේ අනෙක් ගස් වල කොළ හැලී යන විටත් මිස්ටල්ටෝ ශාකය කොළ පැහැයෙන් පවතින නිසා.
වර්තමානයේ දී මිස්ටල්ටෝ අත්තක් යට හිඳ සිප ගැනීම ජනප්‍රිය නත්තල් සාම්ප්‍රදායක් බවට පත් වී තිබෙනවා.
ඒ මගින් විවාහක යුවළකට ඉක්මනින් දරුවෙකු ලැබෙන බවට විශ්වාස කරනවා.
අවිවාහක දෙදෙනෙක් මිස්ටල්ටෝ කිනිත්තක් යට හිඳ සිප ගැනීම මගින් විවාහ පොරොන්දුවක් සහ සතුටු පිරුණු අනාගතයක් සංකේතවත් කරනවා.
ඉටි පහන් කියන්නෙත් නත්තල් සමයේදී නැතුවම බැරි දෙයක්.
නත්තල් සැරසිල්ලක් ලෙස මුල් වරට ඉටි පහන් යොදා ගත් බව සඳහන් වන්නේ මධ්‍යතන යුගයේදීයි.
ඒ මගින් ජේසු බිලිඳා උපත ලැබූ වේලාවේ බෙත්ලෙහෙමට ඉහළ අහසේ පෑයූ තරුව සංකේතවත් කරනවා.
එසේම ජේසුතුමා ‘ලෝකයේ ආලෝකය’ බව පෙන්නුම් කිරීම සඳහාද නත්තල් ඉටි පහන් යොදා ගන්නවා.
අතීතයේදී නත්තල් ගස සැරසීම සඳහා විවිධ වර්ණවල නත්තල් ඉටි පහන් යොදා ගත්තා.
ඉටි පහන් නත්තල් කෑම මේසය සරසන්නත් යොදා ගැනෙනවා.
සුදු පැහැ ඉටි පහන් මගින් සාමය, නිර්මල බව සහ නපුරු බලවේග පරාජය කිරීම සංකේතවත් කරනවා.
රතු පැහැ ඉටි පහන් මගින් මිත්‍රත්වය, ආදරය සහ සතුටද සංකේතවත් කරන බව පැවසෙනවා.
නත්තල් සැරසිලි සඳහා යොදා ගන්න වර්ණ වලටද විවිධ තේරුම් පවතිනවා.
රතු පහන් සංකේතවත් වන්නේ ජේසුස් වහන්සේගේ ලේ සහ පරිත්‍යාගයයි.
සදාකාලික ජීවනය සහ සොබාදහම කොළ පහන් සංකේතවත් කෙරෙනවා.
රන් සහ රිදී පැහැයන්ගෙන් රජකම සහ ආලෝකය සංකේතවත් කරන බවට මතයක් පවතිනවා.
මෙම වර්ණ අතිතයේ සිටම නත්තල් සැරසිලි සඳහා භාවිත කර තිබෙනවා.
වර්තමානය වන විට නත්තල් සැරසිලි සඳහා වෙනත් විවිධාකාරයේ වර්ණ යොදා ගැනීමත් සිදු වනවා.
ඒ අතරින් සුදු පැහැය සුවිශේෂී ස්ථානයක් ගන්නවා.
එමඟින් ශාන්තිය, පවිත්‍රත්වය සහ හිම නිරුපනය කරනවා.
නිල් වර්ණයෙන් බොහෝ විට මරිය තුමිය සංකේතවත් කරනවා.
ඒවගේම සාමය සහ ශීත සෘතුවේ අහස නිරූපණය වන බව පැවසෙනවා.
ඉතින් මේ ඔක්කොම අතරේ නත්තල් සියා කියන්නෙත් අපිට අමතක කරන්න බැරිම කෙනෙක්.
නත්තල් සීයාගේ චරිතය ගොඩනැගී ඇත්තේ සිව්වන සියවසේ ජීවත් වූ සාන්ත නිකුලස් නම් දේවගැතිවරයාගේ චරිතය පදනම් කරගෙන.
ඔහු ඉතා ධනවත් පුද්ගලයෙක්.
මේ දේවගැතිවරයා තමන් සතු ධනය දුප්පත් සහ අසරණ දරුවන්ට උදව් කිරීමට රහසින් භාවිත කළා.
ඔහු දරුවන්ට තෑගි දීමට දැක්වූ කැමැත්ත නිසාම පසුව ඔහු “නත්තල් සීයා” ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
නත්තල් සීයා ජීවත් වන්නේ උත්තර ධ්‍රැවයේ කියලා තමයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ.
එහි සිට ඔහු දරුවන් සඳහා තෑගි සාදන බවත් විශ්වාස කරනවා.
නත්තල් සීයා ගමන් කරන්නේ පිනි මුවන් විසින් අදිනු ලබන හිම මත ලිස්සා යන රියකින්.
නත්තල් සැන්දෑවේ නත්තල් සීයා නිවෙස්වල දුම් කවුළුවෙන් ඇතුළු වී දරුවන් තැබූ මේස් තුළට තෑගි දානවා කියලා තමයි හැමෝගෙම විශ්වාසය වෙන්නේ.
ඉතින් මෙන්න මේ හරිම සුන්දර දේවල්වලින් තමයි නත්තල පිරිල ඉතිරිලා තියෙන්නේ .
බාල මහලු හැමකෙනෙක්ටම මේ නත්තල් මාසය හරිම සුවිශේෂී මාසයක්.
මුළු ලෝකයම එකට එක් වෙලා මේ සීතල දෙසැම්බර් මාසය තවත් සුන්දර කරන නත්තල සමරනවා.
ඔබ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා.














