අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) දින සහභාගී විය.
දේහය තැන්පත් කර ඇති පානදුර නගර ශාලාව වෙත පැමිණි වික්‍රමසිංහ මහතා, එහිදී දේහයට අවසන් ගෞරව දක්වා පවුලේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කළේය.
ජනතා විමුක්ති පෙරමුණ හරහා දේශපාලනයට පිවිසි නන්දන ගුණතිලක මහතා, අභාවප්‍රාප්ත වන විට එක්සත් ජාතික පක්ෂයේ පානදුර ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටියේය. හිටපු ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














