නර්මදා වෙත විවෘත ලිපියක්
මේ ලිපිය කාන්තාවකගේ ගෞරවය සහ මාධ්‍ය සදාචාරය පිළිබඳ නැවත කියවීමක්
කාන්තාවකගේ ගෞරවය සුරැකීම සහ මාධ්‍ය සදාචාරය යනු ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයන් වනවා.
විශේෂයෙන්ම ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් හෝ සමාජ මාධ්‍ය වේදිකාවක් තුළ පුද්ගලයෙකු හෑල්ලුවට ලක් කිරීම එම වෘත්තීය විනය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්.
මාධ්‍යකරණයේ දී තොරතුරු සන්නිවේදනය පමණක් නොව, සමාජීය වගකීමක් ඉටු කරන වෘත්තියක්.
එහිදී අනුගමනය කළ යුතු මූලික විනයානුකූල කරුණු කිහිපයක් තියනවා.
පුද්ගල ගෞරවයට ගරු කිරීම, කිසිදු පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිතය, දුර්වලතා හෝ අත්දැකීම් අඩුකම මාධ්‍ය ආයතනයක් තුළ උපහාසයට ලක් නොකළ යුතු වනවා. විනෝදාස්වාදයට හෝ තවත් අයෙකුට මානසික පීඩනයක් එල්ල කිරීම “Cyber Bullying” ඉතාම අප්‍රසන්න සහගත සිදුවීමක්ත. සැබෑ මාධ්‍ය විනයක් කියන්නෙ අනුන්ගේ ගෞරවය රකිමින් තමාගේ වෘත්තීය වගකීම ඉටු කිරීමයි.
තවත් අයෙකුගේ කඳුළකින් හෝ නින්දාවකින් ලැබෙන ජනප්‍රියත්වය කෙටිකාලීනයි.
ආදරණීය නර්මදා
පසුගිය දා රූපවාහිනී වැඩසටහනක දී ඔබ දේශානීව හාස්‍යයට ලක් කරමින් හැසිරුණු ආකාරය මුළු මහත් ජනතාවක් දැක්කා. කෙසේ වුවත් ක්ෂේත්‍රයේ නවකයකු වන, ඉතා තරුණ එමෙන්ම දක්ෂ යුවතියක පිළිබඳ ඔබ දැක්වූ ඒ ප්‍රතිචාරය කිසිසේත්ම අනුමත කළ නොහැක්කක්.
ලෝක වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කළ, රූ රැජිනක ලෙස කිරුළු පැළඳි කාන්තාවකගෙන් සමාජය අපේක්ෂා කරන්නේ මීට වඩා පරිණත සහ සහකම්පනයෙන් යුත් හැසිරීමක්. රූ රැජිනක යනු හුදෙක් බාහිර අලංකාරය පමණක් නොව, තවත් කාන්තාවකගේ අභිමානය සහ සුන්දරත්වය අගය කළ හැකි උදාර හදවතක් ඇති කෙනෙකුන් විය යුතුයි.
මීට සති කිහිපයකට පෙර ඔබේ මෑණියන්ගේ වියෝවය සිදු වුණා. ඉන් දැඩි ලෙස කම්පනයට පත්ව සමාජ මාධ්‍ය හරහා ඔබ ඔබේ වේදනාව සහ ආදරය ලෝකයට ප්‍රකාශ කළා. එය ඔබේ අයිතියක් සහ එය ඔබේ කැමැත්ත සහ ඒ තුළින් ඔබට යම්කිසි සැනසීමක් ලැබෙනවාත් ඇති. එලෙසම, දේශානිට ද ඇගේ පෞද්ගලික ජීවිතය, ඇගේ හැඟීම් සහ සබඳතා පිළිබඳ සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වීමට පූර්ණ අයිතියක් තියෙනවා. ඇය කිසිදු වරදක් කරත් හෝ නැතත් ඇය ජීවිතය අලුතින් අත්දකින තරුණියක්. ඇයටත් ඇගේ ප්‍රකාශය ඇය කැමති පරිදි සිදු කල හැකියි.
අප කිසිවෙකු සාන්තුවරයන් වන්නේ නැහැ. අප සෑම කෙනෙකුගේම ජීවිතවල විවිධ හැලහැප්පීම්, පෞද්ගලික සබඳතා සහ අභියෝග තියෙනවා. වැරදීම් සිදු වෙනවා. ඔබ ද අදටත් ඔබේ දරුවන් වෙනුවෙන් ජීවිතය ගොඩනගා ගැනීමට වෙහෙසෙන කාන්තාවක්. එවැනි තත්ත්වයක සිටියදී, තවත් ගැහැනියකගේ දුර්වලතාවයක් හෝ අත්දැකීම් අඩුකමක් ප්‍රසිද්ධ මාධ්‍යයකදී උපහාසයට ලක් කිරීම කෙතරම් සදාචාරාත්මකද?
දියුණු රටවල මාධ්‍ය ආයතන නිවේදක නිවේදිකාවන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ වෘත්තීය මට්ටම සහ ආචාරධර්ම පිළිබඳ දැඩි සැලකිල්ලක් දක්වනවා. තවත් පුද්ගලයෙකු මානසිකව පීඩාවට පත් කිරීම කිසිසේත්ම දක්ෂ මාධ්‍යකරණයක දී සිදු වෙන්නෙ නැහැ.
මනුෂ්‍යත්වය සැමවිටම වටිනා බව මතක් කරගැනීම වැදගත්.
කොහොම නමුත් තවදුරටත් අන් අයව කුමනාකාරයෙන් හෝ හැල්ලු නොකර සමාජය පිලිගන්නා ලෙස අන් අයගේ හිත් නොරිදවා සියලු දෙනාම කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බව අපි මතක තබා ගත යුතුයි













