8 September 2024
#දේශීය

නව අගවිනිසුරු සහ විගණකාධිපති ධුර සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය

නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු බවටත් විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් විය.

එහිදී අගවිනිසුරු ධුරය සහ විගණකාධිපතිධුරය පත්කිරීම සඳහා වන ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද නිර්දේශයන් සළකා බලන ලද අතර ඒ අනුව අගවිනිසුරු ධුරය සඳහා නීතිපති ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමය සහ විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවිය. ඒ අනුව අදාළ පත්කිරීම සඳහා එම අනුමැතිය ජනාධිපතිවරයා වෙත යොමු කල බව කථානායක මාධ්‍ය අංශය පවසයි.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *