27 April 2024
#දේශීය

හේමසිරිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත

ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත. පසුගිය ඉරිදා දින සිදු වු බෝම්බ පිපිරිමේ සිද්ධියට අදාළව විදෙස් මාධ්‍ය වෙත කරනු ලබන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

ඒ අනුව අද දිනයේදී සිය ඉල්ලා අස්වීම ලබා දී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීමට පෙර මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර සිටියේය.

 

පෙර පුවත 2019-04-25 17:53:38

ආරක්ෂක ලේකම් හේමසිරිගෙන් මාධ්‍ය නිවේදනයක් 

පසුගිය ඉරිදා දින සිදු වු අනපේක්ෂිත සිදුවීම පිළිබඳ ආරක්ෂක අංශයන්හී වගකීම් හා රාජකාරි ඉටු කිරීම සම්බන්ධයෙන් යම් අතපසුවීමක් හෝ පැහැර හැරීමක් සිදුව ඇතිදැයි සෙවීමට ජනාධිපතිවරයා විසින් පත් කළ විශේෂඥ කමිටුව පත් කර ඇති අතර ආරක්ෂක අමාත්‍යංශය විසින් ද ස්වාධින පරික්ෂණයක් පැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර නිසි ක්‍රියා මාර්ග ගැනීමට අපේක්ෂා කරන බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි. 

අද (25) දින මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ මේ වන විට මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය විශේෂිත ක්‍රියාමාර්ගයන් රජය විසින් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බවයි. එසේම අද දිනයේදී දිවයින පුරා ඊට අදාළ ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බව ද ආරක්ෂක ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

එම නිවේදනය සම්පුර්ණයෙන් මෙසේය.

Hema letter TTVnews

Leave a comment

Your email address will not be published. Required fields are marked *