නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ දී යි.
නව පරම්පරාවක් බිහි කිරිම සදහා පවතින සාම්ප්‍රදායික අධ්‍යාපනය වෙනුවට නව අධ්‍යාපන ක්‍රමවේදයකට ගමන් කරන්නේ නම් නව ලෝකයේ පවතින ගැටලු සඳහා විසදුම් සෙවිය හැකි බවයි ඇය පවසා තිබුණේ.
එහි දී ඇය පැවසුවේ නව නිපැයුම්කරුවාගේ දායකත්වය ඉතා වැදගත් බවත් ඔවුන්ගේ වටිනාකම අධ්‍යාපන සුදුසුකම් හෝ පේටන්ට් බලපත්‍ර ප්‍රමාණය මත පදනම් නොවන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“අපට අවශ්‍ය වන්නේ දත්ත දන්න පරපුරක් විතරක් නොවෙයි. ඒ දත්තවල සත්‍ය අසත්‍යභාවය, විශ්වාසනීයත්වය තහවුරු කළ හැකි, විචාරශීලී බුද්ධියක් ඇති අලුත් විදිහට දකින්න පුලුවන්, ඒ දත්ත කරුණු පාවිච්චි කරලා ලෝකය වෙනස් කරන්න පුලුවන් මනසක් තියෙන නිර්මාණශීලිත්වය තියෙන පරපුරක් අපිට අවශ්‍යයි. අලුතින් හිතන්න, අලුතින් දෙයක් දිහා බලන්න, දත්ත, තොරතුරු හා දැනුම පසුපස හඹාගෙන යන්න දන්න ලෝකය ගැන කුතුහලයක් ඇති අය අපිට අවශ්‍යයයි.”
මේ අතර, නව නිපැයුම් සමාජ බිහි කිරීම නිල වශයෙන් ආරම්භ කිරීම සංකේතවත් කරමින් දිවයිනේ සියලූම පළාත් නියෝජනය කරමින් පාසල් 09ක් වෙත නව නිර්මාණ සමරු ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍යවරිය විසින් සිදු කරන ලදී.