ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 17 යන කාල පරාසය තුළ අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, අභිනව ජනාධිපතිවරයා නොවැම්බර් 17ට කලින් දිවුරුම් යුතු බව පාර්ලිම්න්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද(19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම වසරේ නියමිත දින වකවානු තුළ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු අතර ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක් ලබා ගැනීමට නොහැකි බවට විශ්වාස කරන බව හෙතෙම පැවසිය.
ජනාධිපති ධූරයේ අහෝසි කර මෙම ආණ්ඩුව තව වසරකට ඉදිරියට ගෙන යනවාද යන ප්රශ්නය මහජනතාවගෙන් සෘජුව අසන බවත් ජනතාව බලා සිටින්නේම ලැබුණු පළමු වරම මෙම විනාශකාරී ආණ්ඩුව පලවා හැරීමට බව මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කලේය.
එසේම මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමේ නීතිමය බලය හිමිවන්නේ මැතිවරණ කොම්ෂන් සභාවට මිස ජනාධිපති ලේකම් කාර්යාලයට නොවන බවයි.
මෙම වසරේ ජූලි මස අවසානයේ හෝ අගෝස්තු මස මුලදී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනිවාර්යයෙන් බැඳී සිටින අතර ම වසරේදී ජනාධිපතිවරණය නියමිත වේලාවට නොපැවැත්වුවහොත් නොවැම්බර් 18 වෙනිදාගෙන් පසු පවතින රජය නීතිය අනුකූල නොවන බවත් එය නීති විරෝධී ආණ්ඩුවක් බවට පත්වන බව මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වැඩිදුරටත් කියා සිටියේය.