මාස 10කට අධික කාලයක් පුරා පුරප්පාඩුව පැවති රජයේ විගණකාධිපති ධුරය සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති (L.S.I.) සමුදිකා ජයරත්න මහත්මිය පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (03) ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ. කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් රැස්වූ ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද පස්වන නාම යෝජනාව මෙය වූ අතර, මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ හේතූන් මත මෙම පත්වීම ප්‍රමාද වී තිබුණි.
2025 අප්‍රේල් මාසයේදී හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම ගැනීමෙන් පසු මෙම තනතුර ස්ථිර පත්වීමක් නොමැතිව පැවති අතර, සමුදිකා ජයරත්න මහත්මිය ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරයට පත්වන ප්‍රථම කාන්තාව ලෙස ඉතිහාසයට එක්වීමට ද මෙහිදී ඉඩකඩ පවතී.














