පාතාල කල්ලි නායකයකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මීට අමතරව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ද හෙට (27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙලෙස කැඳවා ඇත්තේ ‘සිරිලිය’ ගිණුමක් පවත්වාගෙන යමින් මූල්‍ය වංචාවක් සිදු කළ බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමටයි.
මෙම ප්‍රශ්න කිරීම් පිළිබඳව වැඩිදුර වාර්තා වීමට නියමිත අතර රාජපක්ෂ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුට දින දෙකක් තුළ මෙලෙස විමර්ශන ඒකක හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














