බදුල්ල – පස්සර ලුණුගල ඔත්තේකඩේ ප්රදේශයේ පස්කන්දක් නායයෑමට ලක්වීමෙන් වාහන ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇතිව තිබේ.
එම මාර්ගයට පස් සහ ගල් කඩා වැටීමෙන් මාර්ගයේ මීටර් 60ක පමණ ප්රදේශයක් සම්පුර්ණයෙන්ම වැසී ඇති අතර එම මාර්ගය අවහිරවීම නිසා බදුල්ල සිට බිබිල- මඩකලපුවල මොනරාගල- අම්පාර- මහඔය බලා ගමන් කරන වාහහන ධාවනය සම්පුර්ණයෙන්ම නැවතී ඇත.
අද (18දා) දින පාන්දර 2.45ට පමණ එක්වරම නායයෑමට ලක්ව ඇති අතර එම නායයෑමෙන් මාර්ගය අයිනේ නවතා තිබු ත්රිරෝද රථ තුනකට දැඩි හානි සිදුව තිබුණි.
ත්රිරෝද රථ අනතුරට ලක්වීමෙන් කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.