ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර නාවික විධානය මගින් ත්‍රිකුණාමලය කොඩ්බේ ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් ධීවර ප්‍රජාව වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා (02) පවත්වන ලදී. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියේ ප්‍රජාව බලගැන්වීමේ වැඩසටහනක් ලෙස මෙය සංවිධානය කර තිබුණි.
මෙහිදී මුහුදේදී ඇතිවන හදිසි රෝගී තත්ත්වයකදී මූලික ප්‍රථමාධාර ලබාදෙන ආකාරය, හදිසි අවස්ථාවක් කළමනාකරණය කරගැනීම සහ යහපත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව ධීවරයින් දැනුවත් කිරීම සිදු කෙරිණි. මූලික ජීවිත ආධාරක පුහුණුව (Basic Life Support – BLS) ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය.














