• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර පෞරාණික උරුමය රකින්න ජනපති නියමයෙන් වෙනම බලකායක්

23 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාතේ පුරාවස්තු විධිමත්ව සමීක්ෂණය කොට ආරක්ෂා කිරීමට ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

පුරාවස්තු විනාශය පිළිබඳව විවිධ පාර්ශ්වයන් කරුණු ඉදිරිපත් කර තිබේ. මේ සියල්ල සැලකිල්ලට ගෙන ඓතිහාසික ස්ථාන කේන්ද්‍රකර ගනිමින් ඒවා ආරක්ෂා කර ගැනීමේ පුළුල් වැඩපිළිවෙළක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෙන් ක්‍රියාවට නංවන බව ජනාධිපතිතුමා සඳහන් කරයි.

සෑම මසකම තුන්වැනි සිකුරාදා රැස්වන බෞද්ධ උපදේශක සභාව දෙවන වරට 22 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අතර එහිදී මහා සංඝරත්නය අමතා ජනාධිපතිතුමා මේ බව පැවසීය.

බුදු දහමට සහ ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් නිසා ශාසන කතිකාවතක අවශ්‍යතාව පිළිබඳව මහා සංඝරත්නය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා දැනුවත් කළහ. ඒ ගැන ගත යුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඉදිරිපත් කළහොත් තම ධූර කාලයේ දී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බව ජනාධිපතිතුමා කීය.

ලොව සියලු රටවල් කොවිඩ් 19 අභියස දරුණු ලෙස ඇද වැටෙමින් ඇති අවස්ථාවක රටේ සමස්ත ජනතාව රැක ගනිමින් ජනාධිපතිතුමා ඉටු කරන මෙහෙවර මහා සංඝරත්නයේ ප්‍රශංසාවට ලක් විය. මහා සංඝරත්නය දැනුවත් කළ ජනාධිපතිතුමා අප්‍රේල් මස 30 වැනිදාට පසු සමාජය තුළින් කිසිදු කොවිඩ් ආසාධිතයෙකු හමු නොවීම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් බව පෙන්වා දුන්නේය.

විදේශ රටවලින් පැමිණෙන පිරිස් නිරෝධායනයට ලක්කර සිටිති. ඔවුන් අතුරින් ඩුබායි සහ කුවේට් සිට පැමිණි කිහිප දෙනෙක් කොවිඩ් ආසාධනයට ලක්ව සිටියහ. මෙරටට එන පිරිස් සම්බන්ධයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරක්ෂිත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පිරිවෙන් සහ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින තත්වය බෞද්ධ උපදේශක සභාවේ දීර්ඝ සාකච්ඡාවට ලක් විය. සාහිත්‍යය සහ ඉතිහාසය විෂයන් අධ්‍යාපන ධාරාවෙන් ඉවත් කිරිමට ඇතැම් වකවානුවල පියවර ගත් බව මහා සංඝරත්නය පෙන්වා දුන්හ. තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලිකත්වය සහ ප්‍රමුඛත්වය අධ්‍යාපනයට දී ඇති බව කී ජනාධිපතිතුමා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ මූලික වැඩ දැනටමත් අරඹා ඇති බව සඳහන් කළේය.

රට පුරා පැතිර ඇති මත්ද්‍රව්‍ය උවදුර මර්දනයට පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය අවධාරණය කළහ. ඊට රජයට මෙන්ම මහා සංඝරත්නයටද විශාල වගකීමක් ඇති බව උන්වහන්සේ පැවසූහ.

පසුගිය කෙටි කාලය තුළ රට තුළට ගෙන ආ මත්ද්‍රව්‍ය අතිවිශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ජනාධිපතිතුමා කීය. පවතින තත්ත්වය උපරිමයෙන් පාලනය කර මත් උවදුර තුරන් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව ගැන තමා සතු වගකීම උපරිමයෙන් ඉටුකරන බවත් ඒ සඳහා දක්ෂ සහ හැකියාව සහිත නිලධාරීන් පත්කර ඇති බවත්, ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. බුද්ධි අංශ ශක්තිමත් කර පූර්ණ බලතල ලබාදී තිබේ. සියලු අන්තවාදී හා ත්‍රස්තවාදී කණ්ඩායම් විමර්ශනය කිරීමට ආරක්ෂක අංශ වෙත උපදෙස් දී ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.

රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමා කළ කථාවට උපහාර දැක්වීමට ශබ්ද කෝෂයේ වචන නැතැයි සඳහන් කළ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට ඒ පිළිබඳව ආශිර්වාදය පළ කළහ.

ව්‍යාකූල වූ සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් පවතින බව උන්වහන්සේ අවධාරණය කළහ. භික්ෂූන් වහන්සේ සහ දේශපාලනඥයන් අතර ගැටුම් අවුළුවන මාධ්‍ය හැසිරීම මහා සංඝරත්නයේ විවේචනයට ලක් විය.

ලොව සියලු රටවල් කොවිඩ් පරාජය කිරීමට රජය ගත් පියවර අගයද්දී විපක්ෂය ඉතා කුහක ලෙස සියලු කටයුතු හෙළා දැකීම පිළිකුල් සහගත බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

කොවිඩ් වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජය ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ දී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් ඇති අතර, ඒ සඳහා භික්ෂුන් වහන්සේගෙන් සැදුම් ලත් කමිටුවක් ඉදිරියේ දී පත් කර නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව උන්වහන්සේ අවධාරණය කළහ.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල, මල්වතු විහාර පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන, අමරපුර ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මැටරඹ හේමරතන, සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචර්ය කුඹුරුගමුවේ වජිර යන හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක් විය.

– ජනාධිපති මාධ්‍ය අංශය

Post Views: 5
Previous Post

CID අලුත් අධ්‍යක්ෂක අල්විස් – පොලිසියේ ලොකු පුටු 11 කට ස්ථාන මාරු

Next Post

කොවිඩ් අර්බුදය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා තවත් වර්ධනයට ඉන්දු – ශ්‍රී ලංකා නායකයෝ එකඟ වෙති

editor

editor

Next Post

කොවිඩ් අර්බුදය හමුවේ ද්විපාර්ශ්වික සබඳතා තවත් වර්ධනයට ඉන්දු - ශ්‍රී ලංකා නායකයෝ එකඟ වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved