නැවක රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ විසි එකකට (2,100,000) අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (10) නියෝග කළේය. වංචා විමර්ශන කාර්යාංශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකරු ව්‍යාජ නම් භාවිතා කරමින් පුද්ගලයන් මුළා කර මුදල් වංචා කර ඇති බව වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට ප්‍රකාශ කළේය.
පැමිණිලිකරුට අදාළ වංචාකරු හඳුන්වා දුන් බව කියන අනෙක් පුද්ගලයා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන සැකකරු පෙබරවාරි 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීන්දු විය.
විදේශ රැකියා ලබාගැනීමේදී පිළිගත් නියෝජිතායතන හරහා පමණක් කටයුතු කරන ලෙස බලධාරීන් මෙවැනි සිදුවීම් හරහා ජනතාවට නිරන්තරයෙන් දැනුම් දෙනු ලබයි.














