2027 වසර සඳහා වන සුප්‍රසිද්ධ ෆුල්බ්‍රයිට් (Fulbright) ශාස්ත්‍රපති උපාධි (Master’s Degree) ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපන ආයතනයක වසර දෙකක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීමට අපේක්ෂා කරන දක්ෂ ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් මෙම සුවිශේෂී අවස්ථාව විවෘතව පවතී.
තෝරාගනු ලබන සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාල ගාස්තු, පෙළපොත් සඳහා වන වියදම්, ගුවන් ටිකට්පත්, මාසික ජීවන දීමනාවක් මෙන්ම සෞඛ්‍ය රක්ෂණාවරණයක් ද ඇතුළත් පූර්ණ මූල්‍ය අනුග්‍රහයක් මෙම ශිෂ්‍යත්වය හරහා හිමිවේ. තමන් කැමති ඕනෑම විෂය ක්ෂේත්‍රයක් යටතේ ඇමරිකානු විශ්වවිද්‍යාලයකින් ශාස්ත්‍රපති උපාධියක් ලබා ගැනීමට මෙරට සිසුන්ට ලැබෙන මෙම අගනා අවස්ථාව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 මැයි මස 31 වනදා වේ. වැඩිදුර විස්තර fulbrightsrilanka.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මුලාශ්‍රය – @USEmbSL (X) / U.S. Embassy in Sri Lanka














