‘කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස ප්‍රභේදයක් ආසියානු රටවල් කීපයක ඉතා වේගයෙන් ව්‍යාප්තවීමට පටන්ගෙන ඇති බව විදෙස් සෞඛ්‍ය බලධාරීහු පවසා සිටියි.
මෙම නව ‘කොවිඩ් 19’ වයිරසය වැඩියෙන්ම ව්‍යාප්ත වන්නේ සිංගප්පූරුවේ සහ හොංකොංවල බවයි වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ.
ඉන්දියාවේ ප්‍රාන්ත කීපයකින් සහ තායිලන්තයෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබෙන අතර මෙම නව ‘කොවිඩ් 19’ ප්‍රභේදය එල්.පී.8.1 යනුවෙන් නම් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ වනවිට එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවයි.