• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැවත ලේ සොලවන කාලයක් උදා වන්න දෙන්නේ නෑ – ඇමැති රවි

17 September 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ රටට අභාග්‍යසම්පන්න ලේ සොලවන කාලයක් නැවතත් උදා වෙන්න දෙන්නේ නැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ නගරයේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ඉදිකල නිවාස යෝජනා ක්‍රම 03 ක් ජනතා අයිතියට කැපකිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙම මහල් නිවාස සංකීරණයේ සමස්ත පිරිවැය රු. මිලියන 15,924 කි. මහල් 15 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණය විදුලි සෝපාන, ප්‍රජා ශාලා ඇතුළු අනෙක් ප්‍රධාන අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“අද අපි නිවාස 3300 ක් ජනතා අයිතියට පවරනවා. ඒ වගේම තවත් ගෙවල් 12,000 ක් වෙනුවෙන් මුල්ගල් තියලා තිබෙනවා. මේ නිවාසත් ඉදිවීමෙන් අනතුරුව, තවත් නිවාස 50,000 ක අවශ්‍යතාවක් තිබෙනවා කොළඹ අඩු ආදායම් ලාභීන් වෙනුවෙන්. ජනතාවගේ මෙම මූලික අවශ්‍යතා සපුරාදෙමින් ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් උදාකරන්න අපි ආර්ථිකය සකසා ගතයුතුයි. අද අපි ජනතාවගේ වැටුප් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම විශ්‍රාම වැටුප් වැඩි කරලා තිබෙනවා. රටේ ආදායමෙන් 63% ක් වැටුප් වෙනුවෙනුත්, 18% ක් පිං පඩි වෙනුවෙනුත් වැය වෙනවා. මේ සියලුම කාරණා සමග රටේ සංවර්ධන සිදු කරන එක විශාල අභියෝගයක්. මේ අභියෝග මැද්දේ අප ලැබූ සංවර්ධනය දැකලා, අන්තවාදයට අතවනන පිරිසක් සිටිනවා අපි අතරේ. ඔවුන් අපේ සහජීවනය නැති කරන්න හදනවා. නමුත් අද අපට සියලු ජාතීන්ට සියලු ආගමිකයන්ට මේ මගේ රට කියලා අනන්‍යතාවයකින් යුතුව ජීවත්විය හැකි වාතාවරණයක් ඇති කරන්න හැකිවෙලා තිබෙනවා.

2015 අපි රට බාරගන්න වෙලාවේ, ජනතාව ජිවත්වුණේ දැඩි පීඩනයකින්, ඒ වගේම බයකින්. අපිට හැකිවුණා ඒ පීඩනය, භීතිය තුරන් කරලා ජනතාවට නිදහසේ ජීවත්විය හැකි වාතාවරණයක් රට තුළ ඇති කරන්න. බියෙන්, සැකෙන් සිටි යුගයට නැවතීමේ තිතක් තියලා, සැබෑ වෙනසක් ඇති කරන්න ඕන කියලා හිතලා අපිව බලයට පත්කළ මේ රටේ ජනතාවට අපි එදත්, අදත් ඒ වගේම හෙටත් ණය ගැතියි. එදා රටේ එක් තැනකට සීමාවී තිබූ සංවර්ධනය, අද වනවිට සමස්ත දිවයිනම ආවරණය වන පරිද්දෙන් සිදු කෙරෙනවා. ඒ වගේම අපි බාරගනිද්දි විශාල ණය බරකින් යුත් මේ රට, අපේ අගමැතිතුමා ජනාධිපතිතුමත් සමග එකතුවෙලා, මාව මුදල් ඇමති බවට පත් කරලා, ඒ ණය බරෙන් රට නිදහස් කිරීමේ පෙරළියට උරදීලා කටයුතු කලා. අද රටේ සෑම තැනම පාසැල්, රෝහල්, පාරවල් ඇති වෙනවා. ඒ ඔබේ ශක්තිය තුළින් අපිට හැකි වුණා ණය බර පැත්තකට දාලා, අතිරික්තය තුළින් කෙරෙන සංවර්ධන ක්‍රියාවන්.

අප අපේ නීති පද්ධතිය ස්වාධීන වෙලා. පොලීසිය තමන්ට අවශ්‍ය පරිදි ස්වාධීනව කටයුතු කරනවා. මාධ්‍යට සැබෑ නිදහසක් ලැබිලා තිබෙනවා. ඒ හැම දේකටමත් වඩා අපට අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ සුරක්ෂිතබාවයයි.අපේ රජය යටතේ ඒ තත්ත්වය රට තුළ ස්ථාපිත කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක්. මේක තමයි අපි ලැබූ සැබෑම සංවර්ධනය. එදා කිව්වේ කොළඹට කිරි ගමට කැකිරි කියලා. නමුත් අද වෙලා තියන්නේ ඒකෙ අනිත් පැත්ත. ඒ තරමටම සංවර්ධනය ගමට ගෙනියන්න අපිට හැකිවුණා” යැයි අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

Post Views: 3
Previous Post

Mövenpick Hotel Colombo අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරන Wedding Fair ප්‍රදර්ශනය මෙවරත්

Next Post

බන්ධනාගාර නිලධාරින්ගේ කටයුතු පිළිබඳ ඇමැතිනි තලතාගේ ඇඟයීමට

editor

editor

Next Post

බන්ධනාගාර නිලධාරින්ගේ කටයුතු පිළිබඳ ඇමැතිනි තලතාගේ ඇඟයීමට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved