27 April 2024
#ව්‍යාපාර

Mövenpick Hotel Colombo අඛණ්ඩව දෙවන වරටත් සංවිධානය කරන Wedding Fair ප්‍රදර්ශනය මෙවරත්

Mövenpick Hotel Colombo මඟින් සංවිධානය කරනු ලබන Mövenpick Wedding fair ප්‍රදර්ශනය “Curiously Intimate” තේමාව යටතේ සැප්තැම්බර් 28 සහ 29 දෙදදින පුරා එම හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර තිබේ.

Mövenpick Hotel Colombo හි අලෙවි සන්නිවේදන කලමනාකාරි නාඩියා ඉසඩින් මහත්මිය කියා සිටියේ මෙවර ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ විවාහ සැපසුම් කේෂ්ත්‍ර යේ සිටින ප්‍රවිණයින් සහභාගි වන ඇති බවයි. ඒහි කොටස්කරුවන් 28 දෙනෙකුගෙන් සමන්විත වේ. එනම්, Charini Suriyage, Celebrations with Yasmin & Heshran Wedding Decor, Two Rings, Studio U, Nadun Baduge, Melache, KR Designer Bridal, Kingsman Studio, Hameedia, Fashion Fabrics, Caked by Amna, Michael Wijesuriya, The Wedding Project, Weddings by Shero, The Flower Place, Shine by Sanjeewani, Frances Decor, Wedding Connections, Elegance by Design, Stone-N-String, Sifani, Alankara, Robed Gift Works, Estheti Centre and Colombo Card Factory. Sri Lankan Airlines,exclusive bridal magazine. ODEL Home සහ Softlogic Life අනුග්‍රහක දායකත්වය සඳහා එක්වන බව නාඩියා ඉසඩින් මහත්මිය කියා සිටියේය.

“Mövenpick Weddings – Curiously intimate” මෙවර ඉලක්කය වන්නේ කේෂ්ත්‍රයේ ඇති නිර්මාණශිලිත්වය විදහා පෑමක් සිදු කරන අතර පසුගිය වසරේදී පැවැති ප්‍රදර්ශනය මෙන්ම මෙවර ද ජනතාවට නැවුම් අත්දැකීමක් විදගැනීමට හැකියාව ඇති බව නාඩියා ඉසඩින් මහත්මිය පැවසුවාය.

එසේම මේ පිළිබඳ උනන්දුවක් දක්වන සියළු දෙනාට සැප්තැම්බර් 28,29 දෙදින පුරා පෙරවරු 10 සිට පස්වරු 7 තෙක් නොමිලේ මෙම ප්‍රදර්ශනය නැරඹීම හැකි බව සංවිධානයක මණ්ඩලය කියා සිටියේය.
වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0117 450 450 දුරකන අංකයෙන් ද විද්‍යුත් තැපැල් [email protected] ලිපිනය විවෘතව පවතිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *