• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් දිනයට සියල්ල සුදානම් – සියළු සුරා සැල් වසා තබන්න – රජය නිවේදනය කරයි

3 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2020 පෙබරවාරි මස 04 වනදා අඟහරුවාදා දින පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින සැමරුම් උලෙල මෙවර නිදහස් චතුරස්‍රයේදී අභිමානවත්ව සැමරීමට සියළු කටයුතු සංවිධානය කර ඇති බව රජය පවසයි.

ජාතික නිදහස් දිනය වෙනුවෙන් දිවයින පුරා පිහිටි සියළුම මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් ද සුරා සැල් සහ බලපත්‍ර ලබා දී ඇති අනෙකුත් සියලුම මත්පැන් අලෙවි මධ්‍යස්ථාන ද වසා තැබීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය දන්වා තිබේ.

මෙරව පැවැත්වෙන වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපති පදවි ප්‍රාප්තියෙන් පසු පළමු නිදහස් දින සැමරුම් උළෙල වේ. මහජනතාවට සිදුවන අපහසුතාවය අවම කිරීම උදෙසා මෙවර නිදහස් චතුරශ්‍රයේ දී නිදහස් දින සමරු උළෙල පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් විශේෂ රථවාහන සැළැස්මක් ද මේ වන කොට ක්‍රියාත්මක කර ඇත.

මෙවර නිදහස් දින සමරු උළෙල සඳහා විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු 2500 කට අධික ආරාධිත අමුත්තන්ට ආරාධනා කර ඇති අතර මහජනතාව දහසකට ද ඉඩ ප්‍රස්ථා වෙන් කොට ඇත. නිදහස් දින සමරු උළෙලේ ආචාර පෙළපාලිය සඳහා අණදෙන නිළධාරියා වශයෙන් මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා කටයුතු කරන අතර, දෙවන අණදෙන නිළධාරියා ලෙස බස්නාහිර ආරක්ෂක සේනා අධිපති හරේන්ද්‍ර රණසිංහ මහතා කටයුතු කරනු ලබයි.

මෙදින ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාවේ භට පිරිස් වශයෙන් යුධ හමුදා භට පිරිස් 3,376 ක්, නාවික හමුදා භට පිරිස් 799 ක්, ගුවන් හමුදා භට පිරිස් 847 ක්, පොලිසිය 596 ක්, විශේෂ කාර්යය බළකායේ භට පිරිස් 327 ක්, සිවිල් ආරක්ෂක දෙපාර්තමෙන්තුවෙන් 385 ක්, ශිෂ්‍ය භට බළකායෙන් 252 ක් සහ සංස්කෘතික කණ්ඩායම වල පිරිස් 475 ක් මූලික වශයෙන් 7,267 ක් සහභාගී වන අතර යුධ, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාවට අයත් සහ පොලිස් හා විශේෂ කාර්යය බළකායට අයත් රථවාහන, සන්නද්ධ රථ, සමඟ ත්‍රිවිධ හමුදාවට අවේණික රථ සහ සියලුම වාහන සහ අවි සමඟ ගමන් කරන රථවාහන ගමන් කරනු ලැබේ.

එමෙන්ම, නිදහස් දින සමරු උළෙල සඳහා ගාලු මුවදොර පිටියේ දී නාවුක හමුදාවට අයත් විශාල නෞකා නැංගුරම් දැමීමටත්, එහි දී ජාතිය වෙනුවෙන් සිය ආචාරය පිළිගැන්විමටත් සියලු කටයුතු සූදානම් කර ඇත. එපමණක් නොව, එදිනට ජනතාවට නාවික හමුදාව හා ඉතාමත් සමීප අන්දමට කටයුතු කිරීමට අවකාශ සලසනු ලබන බවත්, එහි දී නාවික හමුදාවේ ක්‍රියාකාරකම් දැක බලාගැනීමට සහ “මේ ඔබේ නාවික හමුදාවයි” යන තේමාව යටතේ අංග රැසක් සුදානම් කර තිබෙන බවත්, එදින දහවල් 2.00 සිට මහජනයාට පැමිණ මෙම සියලු දෑ දැකබලාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබීම ද සුවිශේෂී කරුණකි.

නිදහස් දිනයට සමගාමී ව නිවෙස්, වෙළඳ ව්‍යාපාර, රජයේ හා පෞද්ගලික කාර්යයාල සහ රථවාහන වල පෙබරවාරි මස 01 වන දින සිට 07 වන දින දක්වා පුරා සතියක් ජාතික ධජය ඔසවා තබමින් ශ්‍රී ලංකික ජාතියක් ලෙස අභිමානයෙන් යුතු ව මෙම නිදහස සමරන ලෙසත්, රජයේ ගොඩනැඟිලි වල ජාතික ධජය ඔසවා තබමින් සහ පෙබරවාරි 03 සහ 04 දෙදින තුළ රාජ්‍ය ආයතන ගොඩනැඟිලි විදුලි ආලෝකකරණය කරමින් තබන ලෙසත්, ඒ පිලිබඳ ව සියළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට ද මේ වන විට කටයුතු කර ඇත.

දිලිනි සමන්මලි 

Post Views: 5
Previous Post

ජනපති ගෝඨා දේශපාලන සංස්කෘතිය අලුත් වෙනස් ඇති කරන බව ඇමැති නිමල් කියයි 

Next Post

ලංකාවේ හැසිරීම චීන තානාපතිගේ කණස්සල්ලට !

editor

editor

Next Post

ලංකාවේ හැසිරීම චීන තානාපතිගේ කණස්සල්ලට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved