27 April 2024
#දේශීය

ජනපති ගෝඨා දේශපාලන සංස්කෘතිය අලුත් වෙනස් ඇති කරන බව ඇමැති නිමල් කියයි 

දේශපාලන සංස්කෘතියේ අලුත් වෙනසක් ඇති කර නව මාවතකට රට ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බවත් එතුමාගේ දර්ශනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදුජන පෙරමුණේ අයට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයින්ම ආකර්ශනය කර ගන්නා වැඩ පිළිවෙළක් බවට පත්ව ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබදව නැවත සිතා බැලිය යුතු කාලයක් එළඹිලා තිබෙන අතර එය තුළින් රටේ ජනතාව බලාපොරොත්තු වු ප්‍රතිඵලය ලැබි නොමැති බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවුසවේ වැලිමඩ දිවි තොට වෙල පැවති ජන හමුවකදී අදහස් පළ කරමිනි.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා” 19 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නිසි කාලය ඇවිත් තිබෙනවා.මේ රටේ ජනතාවට ආරක්ෂාව සැලසීම බුද්ධ ශාසනය ඇතුළු අනෙකුත් ආගම් රැක ගැනීම ඒවාට අවශ්‍ය පහසුකම් ලබාදීම මේ රටේ තරුණ තරුණියන් අපේක්ෂා කළ පරිදි රැකියා උත්පාදනය කර දීම අපිට රජයක් ලෙස අද මුහුණ දීමට තිබෙන අභියෝග බවට පත් වෙලා තිබෙනවා.ඒ වගේම විශාල ණය බරක් ගෙවීමේ අභියෝගය අපි ඉදිරියේ තිබෙනවා යැයි ද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *