තමන්ට ග්ලූකෝමා රෝගී තත්ත්වය වැළඳී ඇත්දැයි ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාවගෙන් සියයට 90ක්ම හඳුනාගෙන නොමැති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ග්ලූකෝමා අනුකමිටුවේ සභාපති අක්‍ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය පවසනවා.
ඇය කියා සිටියේ පුද්ගලයින් 100 දෙනෙකු ගත් කළ ඉන් 3යි දශම දෙකකට ග්ලූකෝමා වැළඳීමේ අවදානමක් පවතින බවයි.
ග්ලූකෝමායනු ඇහේ පීඩනය වැඩි වීම නිසා ඇහේ ස්නායුවල තෙරපීමක් ඇති වී පෙනීම ක්‍රම ක්‍රමයෙන් අඩු වී යාමකි.
එනම් ඇහේ ස්නායුවලට සිදුවන බලපෑම් නිසා ස්නායු විනාශ වීම නිසා ඇති වන තත්ත්වයකි.
එහි අවසාන ප්‍රතිඵලය අන්ධභාවයට පත් වීමයි.
අවුරුදු 40ට වැඩි පිරිස් වසරකට වරක්වත් අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ග්ලෝකෝමාව සඳහා සිදු කර ගත යුතු බවයි අක්‍ෂි ශල්‍ය විශේෂඥවරිය පෙන්වා දෙන්නේ.
ඇස් පරීක්ෂාව අක්ෂි ඒකකයක් ඇති ඕනෑම රජයේ රෝහලකින් හෝ ඕනෑම ශික්ෂණ හෝ මහ රෝහලකින් හෝ ඇතැම් මූලික රෝහල්වලින් නොමිලේ ඔබට කර ගත හැකියි.
- ITN