• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි අසුරන 30000 ක්  අල්ලයි

6 March 2025
in දේශීය, පුවත්
මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි අසුරන 30000 ක්  අල්ලයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරනය කරගත් තොරතුරු මත වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 කට අධික ප්‍රමාණයක් ඊයේ  (05දින ) සොයා ගනු ලැබුවා.

අදාල තිරිගු පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මැයි මාසය ලෙසත් කල් ඉකුත්වන දිනය මෙම වසරේ මැයි ලෙසත් සදහන්කර තිබු අතර එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබු බැවින් තවදුරටත් ඉදිරියේදී මෙම තොග වෙළදපොලට නිකුත්වීම වැලැක්වීම සදහා අදාල භාණ්ඩ තොගය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

පසුගිය කාල සීමාව තුල ස්ථාන ගණනාවකින්ම මෙවැනි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගුපිටි තොග සම්බන්ධව වැටලීම් සිදුකරන ලද අතර ඒ සම්බන්ධව නීතිමය පියවයර ගනිමින් පවතී . එමෙන්ම මෙවැනි භාණ්ඩ තදුරටත් නැවත සකස්කර මනුෂ්‍ය පරිභෝජනයට නිකුත්කිරීමට ඉඩ ඈති බැවින් එවැනි ක්‍රියාවන් වැලැක්වීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරව කටයුතු කරන අතර එවැනි වංචනික වෙළදුන් සම්බන්ධව තොරතුරු වෙතොත් අධිකාරිය දැනුවත් කරන ලෙසත් මහජනතාව දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම මෙම ගැටලුව අඛණ්ඩව වෙළදපොල තුල වාර්තා වන බැවින් තිරිගු පිටි මිලදී ගැනීමේදී සැපයුම් කරුවන් සහ අදාල භාණ්ඩ වල තත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් අතරමැදි පුද්ගලයින් විසින් වෙළදපොලට භාණ්ඩ සැපයීමේදී ඔවුන් සම්බන්ධව විමසිලිමත් වෙමින් මිලදී ගැනීම් සිදුකරන ලෙසත් ව්‍යපාරිකයින් දැනුවත් කරනු ලැබේ .

තවද, මෙවැනි කෘමි ආසාදිත තිරිගු පිටි බේකරි සහ ආහාර නිෂ්පාදනය සදහා භාවිතකරන්නේද යන්න සම්බන්දව මෙන්ම සහ වෙළදපලේ අලෙවියට ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධවද සොයාබලමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

Post Views: 29
Previous Post

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර පිළිකා ඇති වීම ඉහළට

Next Post

නිසි ලෙස අක්ෂි පරීක්ෂා කර බලා ග්ලූකෝමාවෙන් බේරෙමු

Editor TTV News

Editor TTV News

Next Post
නිසි ලෙස අක්ෂි පරීක්ෂා කර බලා ග්ලූකෝමාවෙන් බේරෙමු

නිසි ලෙස අක්ෂි පරීක්ෂා කර බලා ග්ලූකෝමාවෙන් බේරෙමු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved