සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සහ ප්‍රජා සෞඛ්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසුවේ අංශ භාග රෝග තත්ත්වයට වායු දූෂණය ප්‍රධාන වශයෙන් අවදානම් සාධකයක් බවයි.
ඇය සඳහන් කළේ, වායු දූෂණය නිසා වසරකට ලොව පුරා මිලියන 7කට අධික අය මියයන බවත්, ශ්‍රී ලාංකික සමාජයද මේ බරපතළ සෞඛ්‍ය අවදානමට ලක්වන බවයි.
ජාත්‍යන්තර නීල වර්ණ අහස්තල දිනය සැමරීමේ ජාතික උත්සවයට සමගාමීව ජාතික වායු තත්ත්ව වෙබ් අඩවිය ජනගත කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ඊයේ (08 වැනිදා) පැවැති උත්සවයේදී ඇය මේ බව කියා සිටියාය.
ඇය වැඩිදුරටත් පැවැසූයේ පෙනහලු පිළිකා මරණයන්හි සීමා 29%, අංශ භාග මරණ 24%, හෘදයාබාධ මරණ 25%, දීර්ඝකාලීන පෙනහලු රෝග මරණ 43% වායු දූෂණය හේතුවෙන් සිදුවන බවයි.
කෙටිකාලීනව දූෂිත වායු නිසා අසාමාන්‍ය ගැබිණි ප්‍රතිඵල, අඩු බර දරුවන් උපත් සහ දියවැඩියාව යනාදි රෝගවලට ලක්වන බවත් ඇය අවධාරණය කළාය. එසේම, ඩිමෙන්ෂියා, ඔටිසම් සහ නියුමෝනියාව ද වායු දූෂණය හා බැඳී ඇති බව පර්යේෂණ වලින් සනාථ වි ඇති බවත් ඇය පැවසුවාය.
වායු දූෂණය යනු නිහඬ බරපතළ මාරකයක් බවත් ඇය පැවැසුවාය.