තොරතුරු එක්රැස් කිරීමේ විශේෂ මෙහෙයුමක් සඳහා ප්‍රංශ හමුදා කණ්ඩායමක් පසුගියදා ග්‍රීන්ලන්තයට පැමිණ තිබේ. මේ වන විටත් ජර්මනිය, ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, නෙදර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල හමුදා කණ්ඩායම් විවිධ මෙහෙයුම් සඳහා ග්‍රීන්ලන්තය වෙත පැමිණ සිටින පසුබිමක ප්‍රංශ කණ්ඩායම ද ඊට එක් වී ඇත.
ප්‍රංශ හමුදා කණ්ඩායමේ පැමිණීමෙන් අනතුරුව අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේදී තවත් බලඇණි මෙම කණ්ඩායම සමඟ එක් වීමට නියමිත බවයි. නේටෝ (NATO) සංවිධානයේ සාමාජික රටවල් මෙලෙස සිය හමුදා ශක්තිය ග්‍රීන්ලන්තය තුළ ස්ථාපිත කරමින් සිටින්නේ කලාපීය ආරක්ෂාව සහ දත්ත රැස් කිරීම අරමුණු කරගනිමින් බව වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය අත්පත් කර ගන්නා බවට අවධාරණය කරමින් සිදු කරන ප්‍රකාශ හමුවේ, නේටෝ සාමාජික රටවල් මෙලෙස හමුදා කණ්ඩායම් පිටත් කර හැරීම ජාත්‍යන්තර දේශපාලන කරළියේ විශේෂ අවධානයට ලක්ව තිබේ. ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින මෙම උණුසුම් තත්ත්වය හමුවේ ප්‍රබල රාජ්‍යයන් රැසක් මේ වන විට එම කලාපය තුළ සිය ක්‍රියාකාරීත්වය වර්ධනය කරමින් සිටී.














