2026 T-20 ලෝක කුසලාන තරගාවලිය යටතේ අද (12) පැවැත්වෙන නේපාල සහ ඉතාලි කණ්ඩායම් අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් නේපාල කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලකුණු 124ක ඉලක්කයක් ඉතාලියට ලබා දී තිබේ. අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉතාලි කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරමින් නේපාලයට පන්දුවට පහරදීමට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි නේපාල කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ සියලුම දෙනා දැවී ලකුණු 123ක් රැස් කිරීමට සමත් විය. නේපාල ඉනිම වෙනුවෙන් අරිෆ් ෂෙයික් ලකුණු 27ක් ද රෝහිත් පෝඩෙල් ලකුණු 23ක් සහ ආසිෆ් ෂෙයික් ලකුණු 20ක් ද ලබා ගත්හ. පන්දු යැවීමේදී ඉතාලි කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රිෂාන් කළුගමගේ කඩුළු 03ක් දවාගත් අතර බෙන් මැනෙන්ටි කඩුළු 02ක් බිඳ හෙලීය. මීට අමතරව අලි හසන්, ජේජේ ස්මට්ස් සහ ජස්ප්‍රීත් සිං එක් කඩුල්ල බැගින් දවාගනිමින් නේපාල ඉනිම පාලනය කිරීමට දායක වූහ.














