ඩෙංගු රෝගයෙන් පීඩා වඳින තරඟකරුවන් 07 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ දෙමාපියන්, පවුලේ සමාජිකයින් ඔවුන් ළඟ නොමැති වුවත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යංශය, තනාපති කාර්යාලය, ජාතික සංවිධායක කමිටුව, නේපාල රජය යන ආයතන මඟින් ලබා දෙන බව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා පසුගිය 08 වනදා නේපාලය බලා පිටත් වූ අතර කත්මණ්ඩු නුවර පැවැත්වෙන දකුණු අසියානු ක්‍රීඩා උළෙල සඳහා අප රට නියෝජනය කළ ඩෙංගු රෝගයෙන් පීඩාවට පත්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුවදුක් විමසීම සිදු කර තිබේ.
එහිදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ ඒ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” මීලඟ සාග් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත අතර එහි නිල ධජය බාර ගැනීම සඳහා තමා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් නේපාලය බලා පැමිණි බවත් එමෙන්ම මෙවර ශ්‍රී ලංකාව නියෝජය කළ තරඟකරුවන් කිසිවෙක් බලාපොරොත්තු නොවූ දක්ෂතාවයන් අතරට පැමිණි ඇති බවත් ක්‍රීඩා අමාත්‍යංශය මඟින් ඔවුන් පිළිබඳව අවධානය යොමු කළහොත් ඔවුන්ගේ විශාල දියුණුවක් ලබා ගත හැකි බවයි. ඩෙංගු රෝගයෙන් පීඩා වඳින තරඟකරුවන් 07 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ දෙමාපියන්, පවුලේ සමාජිකයින් ඔවුන් ළඟ නොමැති වුවත් ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ක්‍රීඩා අමාත්‍යංශය, තනාපති කාර්යාලය, ජාතික සංවිධායක කමිටුව, නේපාල රජය යන ආයතන මඟින් ලබා දෙන බවත් ඒ පිළිබඳව කිසිදු බියක් ඇති කර ගත යුතු නැති බවත් එතුමා පැවසීය. ලබන 11 වන දින අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟම ඔවුන්ටද ලංකාවට පැමිණිය හැකිය. තවද තරඟ කරුවන් අසනීප වීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වී වැඩි දුරටත් කරුණු විමසනු ඇති බවත් මෙය ඉතා අවසනාවන්ත සිදුවීමක් බව යැයි ” දුමින්ද දිසානායක මහතා පැවසිය.
දුමින්ද දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මෙවර නේපාලය බලා පිටව ගොස් ඇත්තේ ගුවන් තොටුපලේ සාමාන්‍ය මගී පර්යන්තයෙන් බව ඔහුගේ සමිපතයෙකු අප වෙත කියා සිටියේය. එසේම එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනුගමනය කල වැඩපිලිවෙලට සහාය දැක්වීමක් බව වාර්තා වේ.
දිලිනි සමන්මලි