ප්‍රදේශයේ ජනතාවට සෝදාගත් ඇඳුමක් වැලක දමා ගැනීමට පවා නොහැකි වන සේ අළු පතිත වන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, දැනට භාවිත කරන බාල ගල් අඟුරු දහනයෙන් පිටවන අළු ප්‍රතිශතය 16% ඉක්මවන බැවින් එහි දහන වාර්තා සභාවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියේය. ඊට ප්‍රතිචාර දක්වමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ වර්තමාන රජය වසරක් වැනි කාලයක් තුළ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 39ක් වැය කර ඇති බවයි.
එහිදී අමාත්‍යවරයා 2015-2017 කාලය සිහිපත් කරමින් “එකල ජනතාව ඇඳුම් ඇඳගෙන සිටියාද?” යනුවෙන් විමසීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුවේ කවුද ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියා ජනතාව ඉදිරියට ගිය විට බලාගත හැකි වනු ඇති බවයි.














