නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව අක්‍රීය කර තිබූ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
අලුත්වැඩියා කරන ලද යන්ත්‍රය මගින් නිපදවන විදුලිය මෙතෙක් ජාතික පද්ධතියට එක් කර නොමැති අතර, ඉදිරි දින කිහිපය තුළ එය පද්ධතියට සම්බන්ධ කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
බලාගාරයේ පවතින ජනන යන්ත්‍ර 3න් මේ වන විට ජාතික පද්ධතියට විදුලිය සපයනු ලබන්නේ එක් යන්ත්‍රයක් පමණි.
අනෙක් ජනන යන්ත්‍රය තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින අතර එය ද යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
මුළු ධාරිතාව මෙගාවෝට් 900ක් වන මෙම බලාගාරයේ යන්ත්‍ර 3න් දැනට එකක් ක්‍රියාත්මක වන අතර, අලුත්වැඩියා කළ දෙවන යන්ත්‍රය ඉදිරි දිනවලදී පද්ධතියට එක් වනු ඇති අතර තෙවන යන්ත්‍රය තවමත් අලුත්වැඩියා වෙමින් පවතී.














