20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වර්ජනය කිරීමේ හැකියාව ඇතුළු සියලු විකල්ප තවමත් විවෘතව පවතින බව පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මොහොසින් නක්වි පවසනවා.
පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සමග ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
තරගාවලියට සහභාගී වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ලබන සිකුරාදා හෝ සඳුදා ලබා දීමට දෙපාර්ශවයම එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
පාකිස්ථානය තරගාවලියට සහභාගී වුවද, ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරගය පමණක් වර්ජනය කිරීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන මස ආරම්භ වීමට නියමිතයි.
ඉන්දියාවේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශය තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් ද පාකිස්ථානය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.














