පඬු කරඳ ගස බේරාගන්නට ගොස් රටේම අවධානය දිනාගත් වන සංරක්ෂණ නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය මෙවර ආණ්ඩුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව දැඩි විවේචනයක් එල්ල කර තිබෙනවා.
ඒ, ඇයව මඟහරිමින් ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ට උසස්වීම් ලබාදීමේ පාලන විෂමතාවයක් මුල් කරගනිමින්.
තමන්ට වඩා පහළ මට්ටමේ සිටින නිලධාරීන් කිහිප දෙනෙකුටම උසස් තනතුරු ලබා දී තමන්ව හිතාමතාම මඟහැර ඇති බව ඇය පවසනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැරණි වීඩියෝවක් සමාජ මාධ්‍යවල බෙදාහැරීම නිසා තමන්ට මෙම අසාධාරණය සිදුව ඇති බවට ඇයට සැක පළ වි ඇති බවද පවසා තිබෙනවා.
“මට ජෙනරාල් තනතුරක් දෙන්න!”
ඇය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන අවසානයේ උපහාසාත්මකව පවසා ඇත්තේ, දෙපාර්තමේන්තුව තුළ සිදුවන අසාධාරණකම් සහ තමන් විඳි මානසික පීඩාවන් සලකා බලන්නේ නම්, දැන් තමන්ට “වන සංරක්ෂණ ජනරාල්” (Director General) තනතුර පවා ලබා දිය යුතු බවයි.
“ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අය යටතේ වැඩ කරලා මම ලොකු මානසික පීඩාවකට ලක්වුණා. අසාධාරණයට ලක්වූවන්ට තනතුරු දෙනවා නම් මට දැන් ජෙනරාල් තනතුරක්වත් දෙන්න ඕනේ!” යනුවෙන් ඇය පවසා තිබෙනවා.














