සබරගමුව පළාතේ දිස්ත්‍රික්ක දෙක සහ කළුතර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (03) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනය මගින් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු සහ තාවකාලික තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවා ඇත. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසත්, එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත් කාලගුණ බලධාරීන් මහජනයාගෙන් ඉල්ලා සිටී.














