එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ වැල්වැටිතුරේ පිහිටි නිවස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කොට ඔහුගේ නැගණිය වෙත භාර දිය යුතු බවට වන යෝජනාවක් වැල්වැටිතුරේ ප්‍රාදේශීය සභාවේදී ඒකමතිකව සම්මත වී තිබේ. පසුගිය 02 වැනිදා මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා විසිනි. ලෝකයේ විවිධ නායකයන්ගේ නිවාස සංරක්ෂණය කරන ආකාරයට මෙම නිවස ද ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්, එහි ආරක්ෂාව සහ පැවැත්ම වෙනුවෙන් එය ප්‍රභාකරන්ගේ නැගණියට භාර දීම උචිත බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය. ෂිවාජිලිංගම් මහතාගේ මෙම යෝජනාවට සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත හිමිව තිබීම විශේෂත්වයකි.














