හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් පසුගිය 11 වනදා යාපනය සංචාරයේදී ප්රභාකරන් හට සර් යැයි ඇමතු බවට සිදු කරන ප්‍රකාශ පිළිකුලෙන් හෙලා දකින බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ යාපනය සිදු කළ සංචාරයේදී හෝ වෙනත් කිසිදු අවස්ථාවකදී එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවයි. ඒකාධිපති, පවුල්වාදී, ප්රජාතන්ත්ර විරෝධි ගමනක යෙදෙන එක්තරා අවස්ථාවාදී දේශපාලන කණ්ඩායමක් විසින් එළැඹෙන ජනාධිපතිවරණයේදී නියත පරාජය හමුවේ වියරු වැටී මෙවැනි සාවද්‍ය ප්‍රචාර වල යෙදෙන බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (12) දින විපක්ෂයේ වේදිකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පල කළේ දැඩි විවේචනාත්මකවය. එවැනි ප්‍රකාශ සිදු නොකළ යුතු බව රාජපක්ෂ මහතා පවසා සිටියේය.
නමුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා කියා සිටියේ එවැනි ප්‍රකාශයක් සිදු නොකර ඇති බවයි.